
මොරටුව නගරය මූලික කරගනිමින් ක්රියාත්මක වන “පුරෝගාමියා” පුවත් වෙබ් අඩවිය වෙනුවෙන්, එහි ප්රධාන කර්තෘ මෙන්ම නිදහස් මාධ්යවේදියෙකු සහ සමාජ ක්රියාකාරිකයෙකු වන ජගත් පනාගොඩගේ වන මා, මොරටුව මහා නගර සභාවේ මහා සභා රැස්වීම් ජනතාව වෙත වාර්තා කිරීම සඳහා අවසර දෙන මෙන් මීට මාස 4කට පමණ පෙර (2026 ජූනි 15 දින) ගරු නගරාධිපති නිශාන්ත ප්රදිනාන්දු මහතා වෙත ලිඛිත ඉල්ලීමක් යොමු කරන ලදී.
විපක්ෂ මන්ත්රීවරුන් සහ විපක්ෂ නායකවරයා පවා මහා සභාවේ දී මෙම අවසරය ලබා දෙන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කළ ද, විශේෂයෙන්ම මොරටුව මහජන නියෝජිතයන්ගේ හා මොරටුව මහා නගර ෙසභාවේ වැරදි සහ වගකීම් පැහැර හැරීම් ජනතාවට හෙළි වන නිසාම දෝ ? අතිශය දීර්ඝ කාලයක් ගත කර 2026 ඔක්තෝබර් 19 දින නගරාධිපතිතුමා විසින් මෙම වසර දෙන මෙන් ඉල්ලුම් කිරීම ප්රතික්ෂේප කිරීමේ පිළිතුරු ලිපියක් අද දිනදී මා වෙත එවා තිබේ.
මාස හතරකට පසුව වුවද මෙැවැනි හෝ බොහෝ වැරදි අරුත් ගැන්වූ පිළිතුරක් යොමු කිරීම පිළිබඳව පුරෝගාමියා වෙනුවෙන් මගේ කණගාටුව සේම ස්තූතිය ද මොරට්රව නගරාධිපතිතුමාට මෙසේ දන්වා සිටිමි !
නගරාධිපතිතුමාගේ පිළිතුරු ලිපියේ සඳහන් වන නගර සභා අතුරු ව්යවස්ථා වගන්තිය සහ එහි සැබෑ අරුත කෙසේද යත් ?
නගරාධිපතිතුමා තම පිළිතුරු ලිපිය මඟින් පෙන්වා දෙන්නේ, පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්යවස්ථා) පනත යටතේ වූ මහා නගර සභා සම්මත අතුරු ව්යවස්ථාවේ සභා රැස්වීම් යටතේ අංක 05 ලෙස ප්රවෘත්ති වාර්තාකරණය සම්බන්ධයෙන් සඳහන් වන බවත්, එහි ප්රවෘත්ති වාර්තාකරණයේ දී සිදුවන ගැටලු සහ තත්ත්වයන් පාලනය කර ගැනීමට විධිවිධාන සලස්වා ඇති බවත්ය.
එහෙත්, එම සම්මත අතුරු ව්යවස්ථාවල අංක 05 වගන්තිය මඟින් සැබැවින්ම අදහස් කරන්නේ සභා ගර්භය තුළ සභා රැස්වීම් පවත්වන අවස්ථාවේදී මාධ්යවේදීන් විසින් අනුගමනය කළ යුතු විනය, චාරිත්ර සහ සභාවේ කටයුතුවලට බාධා නොවන පරිදි පවත්වාගෙන යාමේ රෙගුලාසි නියාමනය කිරීමයි.
එසේ නොමැතිව එම අතුරු ව්යවස්ථා වගන්තිය මඟින් කිසිසේත්ම “ජනතාව දැනුවත් කරන ස්වාධීන මාධ්යවේදීන්ට හෝ පුවත් වෙබ් අඩවිවලට සභා රැස්වීම් ආවරණය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට” නගරාධිපතිවරයාට හෝ සභාවට නිසි බලයක් ලබා දී නොමැත. සභාවට සිදු විය හැකි බාධා පාලනය කිරීමට ඇති නීතිමය විධිවිධානවලට මුවා වෙමින්, සභා රැස්වීම් ආවරණය කිරීමේ අවස්ථාව මුළුමනින්ම අහුරා දැමීම නීතිය වැරදි ලෙස භාවිත කිරීමකි.
වෙබ් අඩවි සහ සමාජ මාධ්ය පිළිබඳ නොදැනුවත්කම සහ වගකීමෙන් පැහැර හැරීම
නගරාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, සමාජ මාධ්ය ඔස්සේ (වෙබ් අවකාශයේ සමාජ ජාල, YouTube හෝ වෙනත් සමාජ මාධ්ය ඔස්සේ) බාහිර පාර්ශ්වයන් විසින් පළ කරනු ලබන කරුණු නියාමනය කිරීමට හෝ වගකීම් පැවරීමට අදාලව ආයතනයක් නොමැති බැවින් රැස්වීම්වල සිදුවන දේවල් වර්තා කිරීම පාලනය කළ නොහැකි බවය.
මෙය තනිකරම වෙබ් අඩවි සහ නව මාධ්ය පිළිබඳ නගරාධිපතිතුමාගේ නොදැනුවත්කම ප්රකාශ කරන්නකි. ලියාපදිංචි වී වෘත්තීය මට්ටමින් ක්රියාත්මක වන නිල පුවත් වෙබ් අඩවියක් සහ පුද්ගලික සමාජ ජාල ගිණුම් එකම තලයකට ලා සැලකිය නොහැක.
ලංකාව තුළ වෙබ් අඩවි සහ මාධ්ය නියාමනය සඳහා සහ වැරදි තොරතුරු පාලනය සඳහා නිල යාන්ත්රණයන් පවතී:
- වෘත්තීය පුවත් වෙබ් අඩවි ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය (Press Council of Sri Lanka) ඇතුළු නිල මාධ්ය ආචාරධර්ම හා නියාමන ආයතන මඟින් පාලනය වේ.
- යම්කිසි අවමනක්, අපහාසයක් හෝ අසත්ය ප්රකාශයක් මොරටුව මහා නගර සභාවට කිසිවකුගෙන් සිදුවුවහොත්, ඒ සඳහා ක්රියාත්මක වීමට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (CCID), සාමාන්ය අපරාධ නීතිය මෙන්ම සිවිල් අපහාස නීති සහ නියාමන ආයතන මෙරට බහුලව පවතී.
එසේ තිබියදී, මොරටුව මහා නගර සභාවට කිසිවකුගෙන් යම් අපහාසයක් සිදුවුවහොත් “ඒ ගැන නියාමන ආයතනයක් නැත” යැයි පවසමින් නගරාධිපතිතුමා වගකීමෙන් මිදීමට උත්සාහ කරන්නේ කෙසේද? නීතිමය හා ආයතනික රාමුවක් තිබියදීත්, අතුරු ව්යවස්ථා වගන්තිවලට මුවා වී ස්වාධීන මාධ්යවේදීන්ට අවසර නොදීම පිටුපස ඇත්තේ තම පාලනයේ අඩුපාඩු ජනතාවගෙන් සැඟවීමේ උත්සාහය නොවේද යන්න එනිසාම මෙසේ ප්රශ්ණකල යුතුය .
අවසාන වශයෙන්,
පළාත් පාලන ආයතන සම්මත අතුරු ව්යවස්ථාවේ අංක 05 වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින් සහ වෙබ් අඩවි නියාමනය පිළිබඳ නොදැනුවත්කම පෙන්වමින් නගරාධිපතිතුමා ගෙන ඇති මෙම ඒකාධිපති තීරණය දැඩි ලෙස හෙළා දකිමු.
මෙම පැහැදිලි කිරීමේ ලිපියද ඒ වෙනුවෙන් වන සංක්ෂිප්තයද නගරාධිපතිවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමට කටයුතු කරන බවද සදහන් කරමු.
( අතින්ම ගොනගොස් බාර දුන්නද ඊමේල් මගින් යොමු කලද මෙතරම් කලක් පිළීතුරු සදහා යොමුවන නිසාම )
එසේ කරමින් පෙන්වා දෙන මෙම කරුණු මෙන්ම නීතිමය සත්යතාවයන් පිළිබඳව ද ඔහු වටහා නොගන්නේ නම්, මෙය ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් තහවුරු කර ඇති ජනතා අයිතියක් වූ “භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස” උල්ලංඝනය කිරීමක් වන බැවින්, ඊට එරෙහිව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත පැමිණිලි කිරීමට සිදුවන බවද දැඩිව අවධාරණය කර සිටිමු.
එසේම මෙම ලිිපි මොරටුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස්තුමිය වෙතද , මොරටුව මහා නගර සභාවේ විපක්ෂ නායකතුමා වෙතද , එහි නියෝජිත සියලු ප්රධාන පක්ෂ සංවිධායකයින් වෙතද යොමු කරමින් මේ පිළිබඳව අදාල අයතනික හා පක්ෂ මට්ටමින් පුරෝගාමියාට ම නොව රටේ හා මොරටුව ජනතාවට ආණ්ඩුක්රම ව්යවස්ථාවන් හිමි අයිතීන් මෙසේ මහා නගර සබා වගන්තියක් වැරදි ලෙස අර්ථකතනය කරමින් උල්ලංඝනය කිරීමට එරෙහිව ගතහැකි සියලු පියවර ක්රියාත්මක කරනා මෙන්ද මහත් ගෙෘරවයෙන් ඉල්ලා සිටින්නෙමි .
පුරෝගාමියා වෙනුවෙන්,
ජගත් පනාගොඩගේ




Be the first to comment