මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන ” සාහිත්‍යාංජලී 2026″ සාහිත්‍ය කලා මහෝත්සවය 2026 ඔක්තෝබර් 15, 16 සහ 17 යන දිනවලදී මොරටුව වීර පුරන්අප්පු චතුරශ්‍රයේ දී පැවැත්වේ.

මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා විසින් ඉදිරිපත් කල යෝජනාවකට අනුව යමින් එය  සම්මතව මෙම ඔක්තෝබර් 15, 16 සහ 17 යන දිනවලදී සහිත්‍යාංජලී නමින් සාහිත්‍ය කලා මහෝත්සවයක් මොරටුවේදී පැවැත්වෙයි . ඒ පිළිබඳව වැඩිමනත් විස්තර සොයා පුරෝගාමියා විසින් එහි ප්‍රධාන කාර්‍යභාරයක් ඉටු කරනු ලබනා මොරටුව මහා නගර සභා මන්ත්‍රීණී සෙව්වන්දි ප්‍රනාන්දු මහත්මිය ව හා මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා හමුව ඒ පිළිබඳව විමසූ අතර ඒ පිළිබඳව ඔවුන් පුරෝගාමියාට දැක්වූ අදහස්  පහත වීඩියෝවේ වේ …

මෙම උත්සවයේ එම දිනවල දී ඉටු කිරීමට නියමිත කාර්‍යයන් මෙසේය ….

සාහිත්‍යාංජලී 2026: සාහිත්‍ය කලා මහෝත්සවය

මොරටුව මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන ” සාහිත්‍යාංජලී 2026″ සාහිත්‍ය කලා මහෝත්සවය 2026 ඔක්තෝබර් 15, 16 සහ 17 යන දිනවලදී මොරටුව වීර පුරන්අප්පු චතුරශ්‍රයේ දී පැවැත්වේ.

සෑම දිනකම පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පොත් ප්‍රදර්ශනය සහ සාහිත්‍ය කලා ප්‍රදර්ශනය පැවැත්වෙන අතර, දින අනුව ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහන් පෙළගැස්ම පහත පරිදි වේ:

📅 2026 ඔක්තෝබර් 15 (බ්‍රහස්පතින්දා)

  • පෙ.ව. 10.00 – නාට්‍ය හා රංග කලා වැඩමුළුව (සම්පත් දායකත්වය: කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකා ද සිල්වා මහත්මිය)
  • ප.ව. 3.00 – වීදි නාට්‍ය සංදර්ශනය (සම්පත් දායකත්වය: චමිර ලියනගේ මහතා ප්‍රමුඛ වීදි නාට්‍ය කණ්ඩායම)
  • ප.ව. 5.00 – ‘ජහුටා’ නාට්‍ය සංදර්ශනය

📅 2026 ඔක්තෝබර් 16 (සිකුරාදා)

  • පෙ.ව. 10.00 – පොතක් සමඟ වරුවක් කියවීමේ වැඩමුළුව (සම්පත් දායකත්වය: ප්‍රවීණ විචාරක මර්වින් ප්‍රනාන්දු මහතා)
  • ප.ව. 2.30 – කවි විචාර වැඩසටහන (සම්පත් දායකත්වය: කාව්‍ය නිර්මාණ ශිල්පී අජිත් ධර්මරත්න මහතා)
  • ප.ව. 4.00 – කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය හා විචාරය (සම්පත් දායකත්වය: ජාතික යොවුන් සේනාංකයේ සභාපති, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නලින් රදම්පොල මහතා)
  • ප.ව. 7.00 – ජන රංග ගී ප්‍රසංගය (සම්පත් දායකත්වය: සජීව සංගීත සමග නාට්‍ය වේදී ප්‍රේමරත්න තෙන්නකෝන් ප්‍රමුඛ කණ්ඩායම)

📅 2026 ඔක්තෝබර් 17 (සෙනසුරාදා)

  • පෙ.ව. 10.00 – අංගම්පොර සංදර්ශනය
  • ප.ව. 6.00 – සාහිත්‍යාංජලී සාහිත්‍ය කලා මහෝත්සවය ඇගයීම් හා සහතික පත්‍ර පිරිනැමීම සහ බයිලා සංගීත සන්ධ්‍යාව (සංගීත මෙහෙයවීම: ප්‍රවීණ සංගීතඥ නදීක ගුරුගේ මහතා)
  • 📺 නිල මාධ්‍ය අනුග්‍රහය: ITN ශ්‍රී ලංකා (ස්වාධීන රූපවාහිනිය)
  • 📞 විමසීම්: කසුන් – 077 126 0316

ඔබ සැමට ආරාධනා…!

  • පුරෝගාමියා –

Be the first to comment

Leave a Reply