කර්මාන්ත හා  මුදල් කමිටු පරාජය කරන්නේ නෑ කිව්වේ මොරටුව ජනතාව ගැන හිතලා එහෙම වුනානම් සියලු සේවා නවතිනවා  ! මොමනස මන්ත්‍රී  සමන්ත සිල්වා මහතා

අපි සර්වජන බලය පක්ෂය ලෙසින් මොරටුව මහා නගර සභාවේදී කර්මාන්ත කමිටුව හා මුදල් කමිටුව පරාජය කරන්නේ නෑ කිව්වේ වෙන දෙයක් නිසා නෙමෙයි එහෙම කලා නම් එයින් මොරටුව ජනතාවට අත්විඳින්න වෙන අපහසුතාවය දන්නා නිසා ඒ ගැන සිතා යැයි පවසන්නේ මොරටුව මහා නගර සභා මන්ත්‍රී හිටපු නියෝජ්‍ය නගරාධිපති සර්වජන බලය පක්ෂයේ මොරටුව ආසන සංවිධායක සමන්ත සිල්වා මහතාය .

පසුගියදා පැවති මොරටුව මහා නගර සභාවේ රැස්වීම් වාරයේදී පොදු විපක්ෂය ලෙස එක්වී පාලක පක්ෂය පරාජය කිරීමට උත්සාහ කල තැනේදී පසුව විපක්ෂ නායකවරයා විසින් මාලිමාවේ ඇතැම් ක්‍රියා නිසා විපක්ෂ්‍යට සිදුවන අපහසුතා නිසාම මෙසේ සිදුකරන්නට හේතු වූ බව ද ඒ පිළිබඳව තවත් නොයෙක් පැහැදිලි කිරීම් වලින් පසුව මෙය සදා බලයේ සිටිය නොහැකි බවට පාඩමක් කොට ගනු ඇතැයිද එනිසා එසේ පරාද කිරීම අවශ්‍ය නොවනා බව ප්‍රකාශ කල පසුව නැගී සිටි මොමනස මන්ත්‍රී සමන්ත සිල්වා මහතා ප්‍රකාශයක් කරමින් තමන් මෙම අවස්ථාවේ පොදු විපක්ෂය හා එක්ව සිටියද කර්මාන්ත කමිටුව හා මුදල් කමිටුව පරාද කිරීම නොකරන බව ප්‍රකාශ කලෙන් මේ පිළිබඳව මෙදා විපක්ෂයේන නැගෙනා දෝශාරෝපණ පිළිබඳව මන්ත්‍රී සමන්ත සිල්වා මහතාගෙන් පුරෝගාමියා වෙනුවෙවන් විමසීමේදී ඒ මහතා ඒ බැව් ප්‍රකාශ කලේය .

ඉදිරියේ දී පොදු විපක්ෂයේ ලෙස සර්වජන බලය නොතකනා බවට නොයෙක් ඉඟි පලව ඇති බව පවසමින් පුරෝගාමියා ඒ පිළිබඳව මන්ත්‍රී සමන්ත සිල්වා මහතාගෙන් විමසූ විට .

එය කිසිවකුට අලුතින් ප්‍රකාශ කිරීමට අවශ්‍ය නොවනා බව පෙන්වා දෙමින් තම්න පොදු විපක්ෂයේ නොවනා බවද සර්වජන බලය ලෙස වෙන්ව විපක්ෂ කාර්‍යභාරය ඉටු කරනා බවද ලිඛිතවම නගරාධිපතිවරයාට දන්වා ඇත්තේ මෙයට බොහෝ කලකට පෙර බවද පැවසීය .

මෙ පිළිබඳව පුරෝගාමියා විසින් මොරටුව මහා නගර සභා මන්ත්‍රී හිටපු නියෝජ්‍ය නගරාධිපති ස්ර්වජන බලය පක්ෂයේ මොරටුව ආසන සංවිධායක සමන්ත සිල්වා මහතාගෙන් විමසමින් සිදුකල සම්මුඛ සාකච්ඡාව මෙසේය ….

Be the first to comment

Leave a Reply