ජනපතිගේ රටම ඩිජිටල් කතා හීනයක් කරන මොරටුව නගර සභා වෙබ් අඩවිය සල්ලි කන සුදු අලියෙක් විතරයි ?

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ පාලන ප්‍රතිපත්තියේ මූලික පරමාර්ථයන් අතර ලංකාවේ සියලු පරිපාලන සේවාවන් ගොණු කොට ඒ සියල්ල ගෙන රටම ඩිජිටලයිස් කල යුතු බව ඔහුම පවසා ඇත්තේ වරක් දෙවරක් පමණක් නොවේ .

සැබවින්ම ජවිපෙ හා ජාතික ජනබලවේගයේ නායක ලෙසින්ද රටේ විධායක ජනාධිපති ලෙසින්ද ඔහුගේ මුඛ්‍ය පරමාර්ථයන් මුදුන්පත් කිරීමට ඔහුට විපක්ෂ අය ගැන නොසිතාම සෙසු පක්ෂ සියල්ලෝ සහයෝගය දිය යුතුය .

නමුදු එය එසේ නොවන්නේය …. යනුවෙන් මෙසේ පුරෝගාමියාට පේනවා දීමට සිදු වන්නේ මොරටුව අපේ නගරයෙ මොරටුව මහා නගර සභාවෙ වෙබ් අඩවිය උදාහරණ කොට දක්වමිනි .

මොරටුව නගර සභාවෙ වෙබ් අඩවියෙන් මොරටුව ජනතාවගේ අවශ්‍යතා ඉටුකර ගැනීම කාර්‍යක්ෂම කල යුතු වුවද එය කිසිදු ලෙසකින් සිදු නොවනා මොරටුව නගර සභාවේ වෙබ් අඩවිය මෙදා ඉමිටේෂන් ආභරණයක් සේ ඔහේ තිබෙනවා හැරෙන්නට වෙනත් සිදුවන කිසිවක්ම නැති බව මෙසේ පෙන්වා දෙන්නේ මහත් කණගාටුවෙනි .

අනුර කුමාර දිසානායක ජනපතිවරයා කුමක් කීවද ඊට අවශ්‍ය මූලික සරළ ඉතා ලෙහෙසියෙන් සකස් කර දිය හැකි පහසුකම් පවා මොරටුව මහා නගර සභාවෙ වෙබ් අඩවිය තුලින් ලබෙන්නේ නැති බව නම් ඉතා කණගාටුවෙන් මෙසේ පෙන්වා දිය හැකිය .

මෙය කවුරුන් විසින් පාලනය හා නඩත්තු කරන්නේ වුවද ඔවුන් ඒ පිළිබඳව දන්නේ හෝ නොදන්නෝ වුවද මෙවන්ව ඉතා අලංකාර ලෙස මොරටුව මහා නගර සබාව මගින් පවත්වාගෙන යනු ලබනා මෙම වෙබ් අඩවියෙන් අවම පහසුකම් හෝ මොරටුව ජනතාවට නොලැබෙනා බව මෙසේ පෙන්වා දිය හැකිය . එනිසා ඒ පිළිබඳව ජනතාවගෙන් දොස් පරොස් නැගෙන්නේ එම වෙබ් අඩවිය නඩත්තු කරනා අයට නම් නොව මොරටුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාට බව නම් කණගාටුවෙන් වුවද සදහන් කල යුතුය .

මෙහි මොරටුව මහා නගර සභාවෙන් ලබාගත හැකි සේවාවන් උදෙසා බොහෝ ඉල්ලුම් පත් අඩංගු වුවද ඒවා බාගත කිරීම හැර වෙනත් කිසිදු දෙයක් එම PDF වර්ගයේ ඉල්ලුම් පත් මගින් සිදු නොවෙයි .

නමුදු මෙදා තාක්ෂණික දියුණුව දෙස දන්නෝ මේ වෙබ් අඩවිය පවතින්නේ  ළදරු අවිධියේ බව මෙතුලින්ම වටාහාගනු ඇත .

මෙදා GOOGLE FORM ලෙසින් එහිම එම ඉල්ල්මු පත්‍රපුරවා යොමු කල හැකි තරමට වත් මෙම වෙබ් අඩවිය දියුණු කර නැත්තේ ඇයිද යන්න නම් මහත් ගැටළුවකි .

සැබවින්ම මේ වෙබ් අඩවිය සඳහා කොපමණ මුදලක් වාර්ෂිකව වැය කරන්නේද යන්න පුරෝගාමියාට අවබෝධය්ක නැතත් සැබවින්ම මෙය එම මුදල වැය කිරීමේ ප්‍රථිපලය ලබා නොදෙන්නක් බව නම් ඉතාම පැහැදිලිය .

මෙහි අන්තර්ජාල ගෙවීම් කල හැකියැයි සඳහන් වුවද එම https://payonline.moratuwa.mc.gov.lk/rateonlinepayment ඔස්සේ වන සේවාව පවා ක්‍රියා නොකරනා බව පැහැදිලිය .

මෙම සේවාව පවා ක්‍රියා නොකරනා බව ද පැහැදිලි වීමෙන් පසක් වන්නේ මෙම වේබ අඩවිය ඔහේ තිබේනනා වාලේ තිබෙනවා හැරෙන්නට ඒ පිළීබදව අවධානය යොමු කරන්නෙක් නොමැති බවම මිස වෙනත් කිසිවක්ම නොවේ .

පුරෝගාමියාට මෙම කරුණු අවබෝධ වන්නේ පුරෝගාමියා ම එහි ගොස් පසුගිය සභා වාරයේ ( 2026 ජූලි ) වාර්තාව බාගත කරන්නට හැකිදැයි සොයා බැලුවද සැබවින්ම අද දිනය 2026 අගෝස්තු 12 වනදා වුවද තවමත් මෙසේ 2026 අප්‍රේ්ල මාසයේ වාර්තාවෙන් පසුව වන වාර්තා තවමත් උඩුගත කර නැත්තේ ඇයිද යන්න මහත් පුදුමයකි .

මන්ද යත් අගොස්තු මාසයේ සභාවද දැන් පවත්වා අවසන් අතර මෙම සභාවට පෙර ජූලි මාසයේ සභා වාර්ථාව සියලු මන්ත්‍රීවරුනට ලබා දුන් බව පුරෝගාමියාට ඉතාම පැහැදිලි නිසා එසේනම් එම වාර්ථාව මෙහි උඩුගත කිරීම කල නොහැකි වන්නට කිසිදු හේතුවක් ඇත්තේ නැති බව පමණක් ම මෙසේ පැහැදිලි කල යුතුය . මෙහි සභා වාර්තා අතර පසුගිය අප්‍රේල් මාසයේ වාර්තාවලින් පසුව තවමත් මැයි ජූනි ජූලි යන වාර්තා ත්‍රිත්වයක් නොවීම පිළිබඳව මොරටුව නගරාධීපති කේ ඩී නීශාන්ත ප්‍රදිනාන්දු මහතා ගේ අවධානය යොමුවේවා යැයි පුරෝගාමියා පතන්නේ සැබවින්ම මේ තුල අවසන සියලු දොස් පරොස් ජනතාවගෙන් එල්ල වන්නේ මොරටුව නගරාධිපතිවරයා මූලික කර ගනිමින් වන නිසාය .

මොරටුව නගරාධිපති තුමණි මේ ඔබගේ දැඩි අවධානයටයි !

පුරෝගාමියා වීඩියේව හා අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ ඉතා පැහැදිලිව මේ ඩිජිටල්කරණය පිළීබඳව පැහැදිලි කල එක් කතාවක් මෙසේ උපුටා දක්වමි –

Be the first to comment

Leave a Reply