කෝටි තුනක් කපා හරින්නේ ? මොරටුව මාලිමාවේ අම්මගෙ අප්පගෙ සල්ලිද ? මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා

මොරටුව මහා නගර සභාවේ අගෝස්තු සභා වාරයේදී මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් මාලිමා පාලනය කටුබැද්දේ ඇති සුපිරි වෙළඳ සංකීරණයක කඩහිමියන් විසින් මොමනසට ගෙවිය යුතු වූ රුපියල් කෝටි තුනකට අධික මුදලක් වූ ප්‍රවේශ ගාස්තු කපා හැරීම නොකල යුතු යැයි පෙන්වා දෙමින් මුදල් කමිටු නිර්දේශ නීත්‍යානුකූල නැතැයි ද පැවසූ අතර නමුදු මාලිමා පාලනය විසින් ඔවුන් සතු ඡන්ද බලයෙන් එසේ සිදු කරනා බවට වූ තීන්දුව සම්මත කර ගනු ලැබීය .

මේ පිළිබඳව දිගින් දිගටම මහා නගර සභා ආඥා පනතේ වගන්ති උපුටා දක්වමින් සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා විසින් පෙන්වා දීමට උත්සාහ කල විටදී එය කාලය අපතේ යැවීමක් යැයිද අවශ්‍ය අනවශ්‍ය සියල්ලම සභාවේදී කියවා කාලය අපතේ යැවීම නොකරන්නැයි නගරාධිපතිවරයා විසින් කීප විටක්ම පෙන්නා දෙමින් මන්ත්‍රීවරයා වෙත දැනුම් දෙද්දී එය අනවශ්‍යයක් නොවේ යැයිද මෙය නාගරික කොමසාරිස් වරිය අවධානයෙන් සිතිය යුතු කරුණක් බවද පැවසීය .

මෙම නිසාම රුපිය්ල කෝටි තුනකට අධික මුදලක් මෙසේ කපා හැරීමේ සත්‍ය තත්වය පුරෝගාමියා විසින් මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා ගෙන් විමසා සිටි අතර එහිදී ඔහු එය පැහැදිලි කලේ මෙම අනීතික ක්‍රියාව සිදු කලහොත් ඔවුන් ප්‍රතිපක්ෂ කණ්ඩායම ලෙසින් මෙහි නීති විරෝධීබව නිසාම අධිකරණයට යන බවද ප්‍රකාශ කරමිනි .

එම වීඩියෝව මෙසේය …..

Be the first to comment

Leave a Reply