
සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ සහ කරුණාව පෙරදැරි කරගත් උතුම් සත්කාරයක් ලෙස, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය විසින් මරණයට කැපවී සිටි ගවයෙකුට අද දින (22) ජීවිත දානය ලබා දී නිදහස් කරන ලදී.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්, ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන මෙනවියගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍ය කර්මය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අයුරින් සංවිධානය කර තිබිණි.
විශේෂ අවස්ථා හා සහභාගීත්වය:
සංවිධානය: අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රසම්පාන අංශය මඟින් මෙම පුණ්‍ය කර්මය දෙවන වරටත් සංවිධානය කරනු ලැබීය.
දායකත්වය: අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ගේ මූල්‍ය හා ශ්‍රම දායකත්වයෙන් මෙම සත්කාරය සාර්ථක කරගනු ලැබිණි.
සපැමිණ සිටි පිරිස: මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු උසස් නිලධාරීන් රැසක් සහ සෙසු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
සටහන: මෙවැනි පුණ්‍යකර්ම හරහා සමාජය තුළ සත්ත්ව කරුණාව, දයාව සහ මානුෂීය ගුණධංග තවදුරටත් වර්ධනය වනු ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි. අමාත්‍යාංශ මට්ටමින් රාජ්‍ය සේවය තුළ මෙවැනි ආදර්ශමත් සමාජ සත්කාර සිදුකිරීම පිළිබඳව බොහෝ දෙනාගේ පැසසුමට ලක්ව තිබේ.
Ministry of Justice Grants Lease of Life to a Cattle Destined for Slaughter
In a compassionate and humane initiative to protect animal life, the Ministry of Justice and National Integration has granted a new lease of life to a cattle that was destined for slaughter today (22).
The meritorious act of liberating the animal was organized for the second time by the Procurement Division of the Ministry of Justice and National Integration, under the distinguished patronage of the Secretary to the Ministry, President’s Counsel Ms. Ayesha Jinasena, at the Ministry premises.
Key Highlights and Participation:
Organization: The event was organized by the Procurement Division of the Ministry for the second consecutive time.
Contribution: The noble initiative was made possible through the generous financial and personal contributions of all officials and staff members of the Ministry.
Attendance: A large gathering, including senior officials, directors, and the Ministry staff, was present to witness and participate in the occasion.
Note: Ministry sources highlighted that such meritorious acts help foster animal compassion, kindness, and human values within society. Organizing such exemplary social welfare activities at a ministerial level has received widespread appreciation.

Be the first to comment