
Month: July 2026


වත්මන් රජය ගොවි ජනතාව සුරක්ෂිත කරන, ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ සමාජ පිළිගැනීම ඉහළ නංවන රජයකි
අනුරාධපුර උතුර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවැනි අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. එහිදී ඔහු පෙන්වා දුන්නේ පොහොර සහනාධාරය දෙගුණ කිරීම, ‘ඩිshowa’ (Ditwah) සුළි කුණාටුවෙන් පීඩාවට පත් ගොවීන්ට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල […]

නීති උපාධිධාරිනී නඳුනිගේ අභිරහස් ඝාතනය: තුන්කොන් ප්‍රේමයක බිහිසුණු අවසානය
නීතිය පිළිබඳ මනා දැනුමක් තිබූ, 26 හැවිරිදි රූමත් තරුණියකගේ ජීවිතය පානදුර, ගොරකාන ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ ඉතා ඛේදනීය ලෙස අවසන් වී තිබේ. පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් නීති උපාධිය සම්පූර්ණ කර සිටි මාන්නමරක්කළගේ නඳුනි සහශ්‍රි කුරේ නමැති මෙම […]

මොමනස කඩලාන ඩික්සන් ජේ ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු අරඹයි !
කඩලාන ඩික්සන් ජේ ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු ඉටු නොවීම හා එය විනාශයට පත්වීම ගැන පුරෝගාමියා එය ගොඩනැගුමේ මූලිකයෙකු හා මොරටුව ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ ප්‍රියනාත් මෙන්ඩිස් මහතා වෙතින් හා කඩලාන දේශපාලනයේ නියැලි තිසර මෙන්ඩිස් මහතා වෙතිනි විමසීමක් […]

මීතොටමුල්ලේ ඉඩම් කප්පමෙන් කෝටි 6.4ක් සූරාකෑ බලය: 2027 ජූලි වෙද්දී මුදල් නොගෙව්වොත් හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට වසර 9ක බන්ධනාගාර සිරදඬුවමක් !
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩුවක වන්දි මුදල් ගෙවීමට අදාළව කොළඹ මහාධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ. ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, කොලොන්නාව මීතොටමුල්ල […]

“ලිස්ට් එකට වෙඩි තැබූ” අතීතය සහ මීගමුවෙන් ඇසෙන මරණයේ මළ බෙරය ?
මීගමුව බන්ධනාගාරයෙන් ඇසෙන්නේ තවත් එක් මරණ පරීක්ෂණ වාර්තාවක වියළි සංඛ්‍යාලේඛන සමුදායක් පමණක් නොවේ. ඒ, මනුෂ්‍යත්වයේ නාමයෙන් අප හඬා වැසිය යුතු, තවත් එක් මනුෂ්‍ය ඝාතන රැල්ලක බිහිසුණු ඇත්තයි. පසුගිය ජූලි 05 සහ 06 යන දෙදින තුළ […]

“ජීවිතය සුන්දරයි” කී සත්‍යවාදියාට පිදෙනා සුන්දර පන්හිඳෙහි ප්‍රතිඥාව !
“තැනක් නැත්නම් රේස් පත්තරේට හරි ලියනවා” යන්න එදා සුනිල් මාධව ප්‍රේමතිලකයන් ලියූ සටන් පාඨයකි. එය හුදු වැකියක් නොව, පෑන පාවා නොදෙන සැබෑ මාධ්‍යවේදියෙකුගේ ආත්ම ප්‍රකාශනයයි. එදා නාසි කඳවුරක සිට ලේ වලින් ලියූ මිනිසකුගේ මරණ මංචකයේදී […]

බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීම: මහජන ආරක්ෂක ලේකම් රවී සෙනෙවිරත්නට රු. 2500ක දඩයක් !
2023 වසරේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමතින් රිය පදවා අනතුරක් වළක්වා නොගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට රුපියල් 2500ක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා […]

යෝෂිතගේ මුදල් විශුද්ධිකරණ නඩුව: “අපි විවාහ වෙලා ඒ ගෙදර පදිංචියට යන්නයි හිටියේ” – හිටපු පෙම්වතිය උසාවියේදී කියයි
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුව අද (ජූලි 09) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේදී යළි විභාගයට ගැනිණි. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් […]

ටිල්වින් දිනයි විමල් පරදියි: මිලියනයක වන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි !
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සමක් සම්පූර්ණයෙන්ම නිෂ්ප්‍රභ කිරීමට එම අධිකරණය අද (09) පියවර ගත්තේය. ඒ අනුව, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත රුපියල් මිලියනයක […]

මීගමුවෙන් මාරු කළ රැඳවියන්ට බන්ධනාගාර තුළදී අමානුෂික ප්‍රහාර: වැලිකඩදී සහ අඟුණුකොළදී තවත් දෙදෙනෙකු මරුට !
මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයෙන් අනතුරුව වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවන ලද රැඳවියන් පිරිසකට බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දී ඇති අතර, ඉන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ […]

සලේගේ පෙත්සමට පිටු 600ක රහසිගත සාක්ෂි අධිකරණයට: CIDයේ පැටිකිරිය සහ කාදිනල් හිමිගේ සාක්ෂියත් එළියට ?
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ පසුවන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා විසින් ගොනුකර ඇති රීට් පෙත්සමට අදාළව අතිශය තීරණාත්මක පියවරක් ගෙන තිබේ. […]

විල්ලෝරාවත්ත බටහිර ජ්‍යෙෂ්ඨ පුරවැසි ග්‍රාමීය සංවිධානය පොසොන් සැමරුමට සැරසෙයි !
පොසොන් බැති ගී සමඟ නීල වාහිණී ගංතෙර නාට්‍යය (සේරි වාණිජ ජාතක කතාව ඇසුරින්) 2026 ජූලි 12 (ඉරුදින) සවස 5.00 ට ශ්‍රී දීපානන්දාරාම විහාරස්ථාන ධර්ම ශාලා වේදිකාවේදී ප්‍රියන්ත මහවඩු ගේ නිමැවුමක් ….. ජූලි මස මාසික රැස්වීමද […]

33 වසරකට පෙර තාරාවත්තේ සිදුවූ අමානුෂික කාන්තා ඝාතනය: පුද්ගලයින් 8 දෙනෙකුට මරණ දඬුවම !
කොළඹ, තාරාවත්ත ප්‍රදේශයේදී කාන්තාවක කපා කොටා ඝාතනය කර, තවත් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සාහසික අපරාධයට වරදකරුවන් වූ පුද්ගලයන් අට දෙනෙකුට (08) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා විසින් ඊයේ (ජූලි 07) මරණ දඬුවම […]

“විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු රෝගීන් 50 ඉක්මවයි: සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මොරටුව සරසවිය ලබන 21 තෙක් වසා දමයි”
මොරටුව විශ්වවිද්‍යාලය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝග තත්ත්වය හේතුවෙන් ලබන 21 වනදා දක්වා එහි සියලුම ශාස්ත්‍රීය හා දේශන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සහ විශ්වවිද්‍යාල පරිශ්‍රය වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. ඊයේ පැවැති මොරටුව මහනගර […]

බන්ධනාගාර තාප්පයෙන් එහා ඇසෙන මරණයේ හඬ: දේශපාලන පෙරළි මැද නොවෙනස් වූ සිරගෙවල්වල ඛේදවාචකය
ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය යනු කලෙක සිටම ලෙයින් සහ කඳුළින් තෙත් වූ ඉතිහාසයකට උරුමකම් කියන ස්ථානයකි. “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන්න බන්ධනාගාර තාප්පයේ විශාල අකුරින් ලියා තිබුණ ද, එම පාඨය සැබෑ සමාජ-දේශපාලන දේහය තුළ හුදු […]

ඔබ සැමට ආරාධනා !
මොරටුව සර්වජන බලමණ්ඩලය පිහිටුවීම ජූලි 19 සවස 4 ට මොරටුව රේල්ගේට්ටුව අසලදී සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මැතිතුමා හා චන්න ජයසුමන මැතිතුමා සමගින් සංවිධානය මොරටුව ආසන සංවිධායක , සර්වජන බලය සමස්ත ලංකා පලාත් පාලන සංසදයේ […]

“CIDය නඩුවට සහය දෙන්නේ නැහැ” – නාමල්ගේ ක්‍රිෂ් නඩුවේදී විනිසුරුවරියගෙන් විවෘත අධිකරණයේදී දෝෂදර්ශනයක් ! නාමල්ලා ඒකත් අල්ලලා කියයිද ?
ප්‍රකට ‘ක්‍රිෂ් ගනුදෙනුව’ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව විභාග කිරීම සඳහා සහ එහි සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් සහය නොදක්වන බව කොළඹ මහාධිකරණ විනිසුරු නදී […]

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය ගණන 27 දක්වා ඉහළට – නිලධාරීන් 7කගේ විස්තර මෙන්න
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මියගිය පිරිස අතරින් 20 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර, ඉතිරි […]

ජවිපෙ අනුර ලා ලාල්ලා එදා වැඩ්ඩොත් නෙමෙයි අද වැඩ්ඩොත් නෙමයි ? මොමනස මන්ත්‍රී සමන්ත සිල්වා .
දශක දෙකකට වැඩි කාලයක් මොරටුවේ දේශපාලනයේ නිරතවූ සමන්ත සිල්වා මහතා මෙදා මොරටුව මහනගර සභාවේ මන්ත්‍රී ධූරය දරනා අතර එහි හිටපු නියෝජ්‍ය නගරාධිපති ලෙසද සේවය කලේය . සර්වජන බලය පක්ෂයේ මොරටුව ආසන සංවිධායක හා එම පක්ෂයේ […]
