
අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් මත, ජනාධිපති නීතීඥවරුන් (President’s Counsel) පත් කිරීම සඳහා වන මාර්ගෝපදේශ සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
නව සංශෝධනයට අනුව, ජනාධිපති නීතීඥවරයෙකු ලෙස පත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවම වශයෙන් වසර විස්සක (20) අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම අනිවාර්ය කර තිබේ. මීට පෙර පැවති රීති යටතේ, විශේෂ අවස්ථා වලදී වසර 15ක සේවා කාලයක් සහිත නීතීඥවරුන් ද සලකා බැලීමට ඉඩ ලබා දී තිබුණද, නව ගැසට් නිවේදනය මගින් එම ව්‍යතිරේකය ඉවත් කරමින් වසර 20ක සීමාව දැඩි කර ඇත.
ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද මෙම නව මාර්ගෝපදේශ, නීති වෘත්තියේ විශිෂ්ටත්වය සහ අත්දැකීම් තහවුරු කිරීම අරමුණු කර ගෙන ඇත. මේ අතර, 2026 වසර සඳහා ජනාධිපති නීතීඥ තනතුරු සඳහා අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර ඇත.
Stricter Rules for President’s Counsel Appointments: Mandatory 20-Year Service Requirement Gazetted
A special extraordinary gazette has been issued, amending the guidelines for the appointment of President’s Counsel (PC), under the directives of President Anura Kumara Dissanayake.
According to the new amendment, it is now mandatory to have completed a minimum of twenty (20) years of active practice as an Attorney-at-Law in the Supreme Court to be eligible for appointment as a President’s Counsel. Under previous guidelines, exceptions were made to consider attorneys with 15 years of service in special circumstances; however, the new gazette has removed this provision, strictly enforcing the 20-year requirement.
These new guidelines, issued by the Secretary to the President, aim to uphold the excellence and experience within the legal profession. Meanwhile, the gazette notification calling for applications for President’s Counsel appointments for the year 2026 has also been released.

Be the first to comment