දේශපාලන බලයේ කළු පැල්ලම: මර්වින් සිල්වාගේ කෝටි ගණනක නීතිවිරෝධී වත්කම් හෙළි වෙයි

රටක අමාත්‍ය ධුරයක් යනු ජනතා සේවය උදෙසාම ලැබෙන පූජනීය වගකීමකි. එහෙත්, ඉතිහාසය පුරා ඇතැමුන් මෙම බලය තම පෞද්ගලික ධනස්කන්ධය වර්ධනය කරගැනීමේ පහසුම මඟක් කරගත් ආකාරය අප කොතෙකුත් දැක ඇත්තෙමු. එවැනි දේශපාලන බලයේ අවභාවිතය පිළිබඳ කතාබහේදී කිසිදා බැහැර කළ නොහැකි නමක් වේ නම්, ඒ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාය.

කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කළ කෙටි කාලසීමාව තුළ (2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා) අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 600කට අධික දැවැන්ත වත්කම් සම්භාරයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුව මේ වන විට යළිත් කරලියට පැමිණ තිබේ. ලබන අගෝස්තු මස 20 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනීමට නියමිත අතර, මේ හරහා හෙළිදරව් වීමට නියමිත දූෂණ රැල්ල සාමාන්‍ය පුරවැසියා මවිතයට පත් කරන්නකි.

 පෑන් ඒෂියා බැංකුවේ පමණක් කෝටි 18ක ස්ථාවර තැන්පතු

විමර්ශන නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව, හිටපු අමාත්‍යවරයාගේ නීත්‍යනුකූල ආදායම් මාර්ගවලින් කිසිසේත්ම සනාථ කළ නොහැකි රුපියල් මිලියන 485ක අතිවිශාල මුදලක් මෙම දෙවසර තුළ ඔහු විසින් අත්පත් කරගෙන ඇත.

මෙහිදී වඩාත්ම කම්පනකාරී තොරතුරු අනාවරණය වන්නේ පෑන් ඒෂියා බැංකුවේ කොල්ලුපිටිය ශාඛාවෙනි. එහි පමණක් මර්වින් සිල්වා මහතාගේ නමින් පවත්වාගෙන ගොස් ඇති ස්ථාවර තැන්පතු 10ක එකතුව රුපියල් මිලියන 182.3ක් (රුපියල් කෝටි 18.23ක්) ඉක්මවයි.

  • විශාලතම තැන්පතු: ඉන් එක් ස්ථාවර තැන්පතුවක වටිනාකම පමණක් රුපියල් කෝටි 6කි. මීට අමතරව රුපියල් මිලියන 36.6ක්, 36.5ක් සහ 22.5ක් වන දැවැන්ත තැන්පතු තිහක්ද මීට ඇතුළත් වේ.

  • පවුලේ බද්ධ ගිණුම්: බිරිඳ වන ජේ.ඒ. මේරි ලුසීඩා සිල්වා මහත්මිය සමඟ පෑන් ඒෂියා බැංකුවේ පැවති බද්ධ ගිණුමක මිලියන 2.14ක ශේෂයක් පැවති අතර, පුත් මාලක මනෝජිත් සිල්වා සමඟ සම්පත් බැංකුවේ පැවති ගිණුමක රුපියල් මිලියන 2.68ක් තැන්පත් කර තිබී ඇත.

  • මූල්‍ය ආයතන ජාලය: වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ මාලක සිල්වාගේ නමින් මිලියන 15ක සහ 35ක තැන්පතු දෙකක්ද, දියණිය සන්දීපනී මලිකා සිල්වා සහ බෑණනුවන් වන එම්.සී. අගුළුගමුව යන අයගේ නමින් මිලියන 15 බැගින් වූ තැන්පතුද, මර්වින් සිල්වාගේම නමින් මිලියන 14ක තැන්පතුවක්ද මීට අමතරව හෙළි වී තිබේ.

හැටන් නැෂනල් බැංකුවේ මිලියන 32.5ක තැන්පතුවක් සහ DFCC වර්ධන බැංකුවේ මිලියන 6.8ක තැන්පතුවක් ලෙස මෙම මූල්‍ය ජාලය තවදුරටත් විහිදී ඇත.

 කොළඹින් සුඛෝපභෝගී ඉඩම් සහ රිය පෙරහැරක්

මුදල් පමණක් නොව, කොළඹ ඉහළම මට්ටමේ වාණිජ හා නේවාසික ප්‍රදේශවලින් අගනා ඉඩකඩම් මිලදී ගැනීමටද හිටපු අමාත්‍යවරයා අමතක කර නැත.

  • කොළඹ 07 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් මිලියන 71.3ක ඉඩමක්.

  • රාජගිරිය නාවල පාරෙන් රුපියල් මිලියන 39.2ක ඉඩමක්.

  • කඩවත දලුපිටිය ප්‍රදේශයෙන් රුපියල් මිලියන 13ක ඉඩමක්.

  • ඊට අමතරව, වික්ටෝරියා ව්‍යාපෘතියට අයත් කුණ්ඩසාලේ නිලගම ප්‍රදේශයේ රජයේ ඉඩමක් 1994 වසරේ සිට වසරකට ඉතා සුළු බදු කුලියකට (රුපියල් 1,600කට) භුක්ති විඳීමේ අපූරු ක්‍රමයක්ද ඔහු සකසාගෙන තිබිණි.

මේ අතර, අමාත්‍ය ධුරයේ බලය පෙන්වමින් ඉතා කෙටි කාලයක් තුළ සුඛෝපභෝගී වාහන 7ක් මිලදී ගැනීම ද අතිශය කම්පන සහගතය. 2010 අප්‍රේල් 10 වන දින Porsche රථයක්ද, මාස තුනකට පසු පුත් මාලක සිල්වා වෙනුවෙන් රුපියල් මිලියන 28.8ක් වටිනා Range Rover Sport Petrol V8 රථයක්ද, එම වසරේම ඔක්තෝබර් මාසයේදී රුපියල් මිලියන 32.3ක් වටිනා Mercedes Benz රථයක්ද ඔහු සිය ගරාජයට එකතු කරගෙන තිබේ. මීට අමතරව Land Rover රථයක්, Hyundai ජීප් රථයක් සහ ලොරි රථ දෙකක්ද මෙම කාලයේදී මිලදී ගෙන ඇත.

 අධික වියදම් රටාව සහ රක්ෂණ ජාලය

විමර්ශන ලේඛනවලට අනුව හිටපු අමාත්‍යවරයාගේ දෛනික වියදම් රටාවද සාමාන්‍ය පුරවැසියාට සිතාගත නොහැකි මට්ටමක පැවතී ඇත. සම්පත් සහ සෙලාන් බැංකු ක්‍රෙඩිට් කාඩ්පත් දෙකක් හරහා වසර දෙකක් තුළ රුපියල් ලක්ෂ 42කට වැඩි භාණ්ඩ හා සේවා ලබාගෙන ඇති අතර, කිසිදු මූලාශ්‍රයක් හෙළි නොකළ රුපියල් මිලියන 34.7ක දැවැන්ත ණය මුදලක් එකවර ගෙවා දමා තිබේ. එපමණක් නොව, රිතූ ආකර්ශා නැමැත්තියකට රුපියල් 240,000ක මුදලක් ලබා දී ඇති බවද වාර්තා වේ.

තමා වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔප්පුවක් ලබාගෙන නොතිබුණද, බිරිඳ සහ දරුවන් වෙනුවෙන් වසරකට රුපියල් ලක්ෂ 13ක පමණ වාරික ගෙවමින් රක්ෂණ ඔප්පු 6ක් පවත්වාගෙන ගොස් ඇති අතර, එයින් රක්ෂණ ඔප්පු 4ක්ම පුත් මාලක සිල්වා වෙනුවෙන් වෙන් කිරීම විශේෂත්වයකි.

 අවසාන වශයෙන්…

ජනතාවගේ බදු මුදලින් යැපෙමින්, මහජන සේවය උදෙසා දිවුරුම් දී බලයට පත්වන ඇතැමුන් කෙසේ නම් රාජ්‍ය සම්පත් පුද්ගලික ධනය බවට පත්කර ගන්නේද යන්නට මර්වින් සිල්වා අමාත්‍යවරයාට එල්ල වී ඇති මෙම චෝදනා කදිම නිදසුනකි. එළඹෙන අගෝස්තු 20 වන දින පැවැත්වෙන නඩු විභාගය යනු හුදෙක් එක් දේශපාලනඥයෙකුගේ නඩුවක් පමණක් නොව, දේශපාලන දූෂණයට එරෙහිව මෙරට නීතියේ ක්‍රියාකාරීත්වය කෙසේඩ යන්න පෙන්වා දෙන තීරණාත්මක සන්ධිස්ථානයකි.

The Dark Side of Political Power: Mervyn Silva’s Multi-Million Illegal Assets Exposed

By Our Colombo Correspondent

A ministerial portfolio in any country is a sacred responsibility meant solely for public service. However, history has repeatedly shown how some individuals use that very power as an easy avenue to amass personal wealth. When discussing the misuse of political power, one name that can never be overlooked is former Minister Mervyn Silva.

The case filed by the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) against former Minister Mervyn Silva, over assets exceeding 600 million rupees allegedly acquired illicitly during his tenure as the Minister of Labour and Public Relations (from March 31, 2010, to March 31, 2012), has once again taken center stage. The case is scheduled to be taken up for hearing before Colombo High Court Judge Mohamed Mihail on August 20, and the wave of corruption set to be exposed through this proceeding is nothing short of astonishing to the ordinary citizen.

 Fixed Deposits Exceeding 180 Million Rupees at Pan Asia Bank Alone

According to reports submitted to court by investigation officers, the former minister acquired a massive sum of approximately 485 million rupees during these two years, which cannot be justified by any legal sources of income.

The most shocking revelations emerge from the Kollupitiya branch of Pan Asia Bank. Here alone, the total of 10 fixed deposits maintained under the name of Mervyn Silva exceeds 182.3 million rupees (over 1823 million LKR).

  • Largest Deposits: A single fixed deposit among them is valued at an enormous 60 million rupees. Furthermore, massive deposits of 36.6 million, 36.5 million, and 22.5 million rupees are included in this list.

  • Family Joint Accounts: A joint account maintained at Pan Asia Bank with his wife, J.A. Mary Lucida Silva, had a balance of 2.14 million rupees by 2010, while an account at Sampath Bank with his son, Malaka Manojith Silva, held a deposit of 2.68 million rupees.

  • Financial Network: Additional disclosures reveal deposits under Malaka Silva’s name at Vallibel Finance worth 15 million and 35 million rupees, deposits of 15 million rupees each under the names of his daughter Sandeepani Malika Silva and nephew M.C. Agulugamuwa, and a 14 million rupee deposit under Mervyn Silva’s own name.

This financial network extends further, featuring a 32.5 million rupee deposit at Hatton National Bank and a 6.8 million rupee deposit at DFCC Vardhana Bank.

 Luxury Lands from Colombo and a Fleet of Vehicles

It wasn’t just cash—the former minister also made sure to acquire high-value real estate from prime commercial and residential areas in Colombo:

  • A land plot on Ernest de Silva Mawatha, Colombo 07, valued at 71.3 million rupees.

  • A land plot on Nawala Road, Rajagiriya, valued at 39.2 million rupees.

  • A land plot in Dalupitiya, Kadawata, valued at 13 million rupees.

  • Additionally, a state-owned land plot in the Nilagama area of Kundasale under the Victoria Project had been leased to him since 1994 at a nominal annual rental of just 1,600 rupees.

Meanwhile, purchasing 7 luxury vehicles within a very short span while wielding ministerial power is extremely alarming. On April 10, 2010, he purchased a Porsche, followed three months later by a Range Rover Sport Petrol V8 worth 28.8 million rupees for his son Malaka Silva, and in October of the same year, a Mercedes Benz worth 32.3 million rupees. Additionally, a Land Rover, a Hyundai jeep, and two lorries were acquired during this period.

 High Spending Patterns and Insurance Networks

According to investigation documents, the former minister’s daily spending patterns were at an unimaginable level for an ordinary citizen. Utilizing credit cards from Sampath and Seylan banks, goods and services worth over 4.2 million rupees were consumed over two years, while an enormous loan amounting to 34.7 million rupees from undisclosed sources was settled in full. Reports also indicate that a sum of 240,000 rupees was given to an individual named Ritu Akarsha.

Although he did not take out a life insurance policy for himself, he maintained 6 insurance policies for his wife and children, paying annual premiums of approximately 1.3 million rupees—four of which were exclusively maintained for Malaka Silva.

 Final Thoughts…

The allegations leveled against former Minister Mervyn Silva serve as a glaring example of how individuals who take oaths for public service and survive on public tax money can turn state resources into private wealth. The upcoming court hearing on August 20 is not merely the case of a single politician, but a decisive milestone demonstrating how the rule of law operates against political corruption in the country.

Be the first to comment

Leave a Reply