මීමෝ දනීද මී ගස් වරුණේ ? මොරටුව මහා නගර සභාවට ස්තූතියි !

මොරටුව ඉඳිබැද්දේ ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගණය මෙදා පෙර තිබූ අපාය උදාහරණයෙන් මුදවා යම් තරමකින් නඩත්තු කොට ක්‍රීඩා කිරීමට පිටය සකසා දීම සැබවින්ම මොමනසට ස්තූතිය පුදකල යුතු කාරියක් බව පරෝගාමිය විශ්වාසය පල කරයි .

නමුදු තවමත් ඇතැම් අඩුපාඩු පිළිබඳව අවධානය යොමුව නැති බව පවසන්නේ ඒවාද ක්‍රමයෙන් සකසා ඩග්ලස් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය රැකගැනීම මොරටුවේ අප කාගේත් යුතුකමක් හා වගකීමක් වන බැවිනි .

නමුදු ඉදිබැද්දෙන් නිතර ඇසෙනා දේශපාලනයට අත්පොත් තැබූවන් ගේ අමනෝඥ තීරණ අනුව මොමනස නගරාධීපතිවරයා ක්‍රියා කලහොත් ඉන් සුං වෙන්නේ බබී පමණක් නොව බබීගේ අම්මාත් සමගය .

එැවැනි තීරණයක් ගෙන එය ක්‍රියාත්මක කරන්නෙමැයි කටමැත දෙඩූ අයෙකු එම ක්‍රීඩාංගනයේ ඇති මීගසක් කිසිදු හේතුවක් නොමැතිව කපා දැමීමට උත්සාහ ගැනීම මේ වන විට මොමනස නගරාධිපතිවරයාගේ අවබෝධය නිසා වැලකී ගිය බව තතු දන්නෝ පවසයි .

නමුදු මෙම ක්‍රීඩාංගණයට අයතිවාසිකම් ඇති මෙන් ක්‍රියා කරන්නෝ අතර තවමත් මෙහි ආරක්ෂාව එය වෙනත් කටයුතු සදහා භාවිතා කිරීම ආදී වන ප්‍රශ්ණ නිසාද මෙම මීගස කැපීමෙන් එම ප්‍රශ්ණ වලට විසදුම් සෙවීමට යාම නම් මහදැනමුත්තාගේ එලුවා හා මුට්ටියට සමාන වෙන කරුණකි .

කෙසේ වෙතත් පුරෝගාමියා මෙම අඩුපාඩු පේනවා දෙන්නේ මෙය ක්‍රීඩාපිටියක් මිස දේශපාලන පොර පිිටියක් නොවනා  බව අවබෝධ කරගනිමින් මොමනස නගරාධිපතිවරයා ක්‍රියා කරනු ඇතැයි යන මතයේ පිහිටා සිටය

මේ එහි ගිය පුරෝගාමියා දුටු ඇසූ දේ හා ප්‍රකාශ වේ …..

ගරු නගරාධිපතිතුමණි මේ ඔබේ අවධානයටයි !

Be the first to comment

Leave a Reply