
2019 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ සාපරාධී රාජකාරී පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර තිබේ.
පැය හතරකට අධික කාලයක් පුරා ප්‍රකාශයට පත් කරන ලද මෙම දීර්ඝ නඩු තීන්දුව ලබා දී ඇත්තේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේය.
නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු:
බුද්ධි තොරතුරු නොසැලකීම: 2019 අප්‍රේල් 20 වන දින සවස, එවක රාජ්‍ය බුද්ධි සේවයේ අධ්යක්ෂවරයා විසින් කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලබා දී තිබියදීත්, හිටපු පොලිස්පතිවරයා රටේ පුරවැසියන් ආරක්ෂා කිරීමේ තම මූලික රාජකාරිය හා වගකීම දැඩි ලෙස පැහැර හැර ඇති බව අධිකරණය පෙන්වා දුන්නේය.
මිනිස් ජීවිත අහිමි වීම: මෙම රාජකාරී පැහැර හැරීම සහ අපරාධමය අනවධානය හේතුවෙන් අහිංසක ජීවිත 260 කට අධික සංඛ්‍යාවක් අහිමි වී, තවත් 580 කට වැඩි පිරිසක් බරපතල තුවාල ලැබීමට මුල් වී ඇති බව මඩුල්ල සඳහන් කළේය.
බහුතර තීන්දුව: ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ සහ විනිසුරු තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගේ බහුතර මතය මත විත්තිකරු චෝදනාවලට වරදකරු කරනු ලැබූ අතර, විනිසුරු විරාජ් වීරසූරිය මහතා සුළුතර තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ පැමිණිල්ල විසින් චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර නොමැති බැවින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළ යුතු බවයි.
කෙසේ වෙතත්, බහුතර විනිසුරු තීරණය අනුව විත්තිකරු සිදුකර ඇති වරදේ බරපතලකම සලකා බලා ඔහුට මරණ දඬුවම නියම කරන ලදී. මේ සම්බන්ධයෙන් එවක ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුවේ තීන්දු ප්‍රකාශයද මීට අදාළව නිකුත් වෙමින් පවතී.
Former IGP Pujith Jayasundara Sentenced to Death for Failing to Prevent Easter Sunday Attacks
Former Inspector General of Police (IGP) Pujith Jayasundara has been sentenced to death by the Colombo Special Three-Judge High Court for failing to prevent the 2019 terrorist attacks and for criminal negligence of duty.
The lengthy verdict, which took over four hours to deliver, was handed down by a three-judge bench comprising Priyantha Liyanage, Viraj Weerasuriya, and Thilakaratne Bandara.
Key Highlights of the Verdict:
Disregarding Intelligence Reports: The court pointed out that despite receiving specific intelligence on the afternoon of April 20, 2019, from the then Director of the State Intelligence Service regarding planned suicide attacks targeting Catholic churches and tourist hotels, the former IGP grossly neglected his primary duty and responsibility to protect the country’s citizens.
Loss of Human Lives: The bench noted that this failure of duty and criminal negligence directly resulted in the tragic loss of over 260 innocent lives and left more than 580 others seriously injured.
Majority Decision: High Court Bench Chairman Priyantha Liyanage and Judge Thilakaratne Bandara found the accused guilty by majority decision. Meanwhile, delivering the minority verdict, Judge Viraj Weerasuriya stated that the prosecution had failed to prove the charges beyond a reasonable doubt and that the accused should be acquitted.
However, based on the majority ruling, the court imposed the death penalty, taking into account the grave nature of the offense.




Be the first to comment