මාලිමාවට බැරි කම නොවෙයි වුවමනාවක් නැති කමයි ? මට දුන්නොත් මාසෙන් මේ කුණු කඳු නැතිකරනවා ? මොමනස මන්ත්‍රී ෂෙහාන් තිසේරා මහතා

මාලිමාවට බැරි කම නොවෙයි වුවමනාවක් නැති කමයි ? මට දුන්නොත් මාසෙන් මේ කුණු කඳු නැතිකරනවා ?

මොරටුව මහා නගර සභාවේ පෙර පාලනයන් කප් ගැහුවේ එවක කුණු ගොඩක් ව තිබූ මොරටුව නගරයේ කුණු කසල බැහැර කිරීම ක්‍රමවත් මගකට ගෙනයමිනි ! එසේම එහිදී මොරටුවට වසංගතයක්ව තිබූ කුණු කසල මොරටුව මහා නගර සභාවට ධන උල්පතක් සේ ක්‍රමයක් පාදනු ලැබුවේද ඔවුන් විසිනි . මේ බැව් පුරෝගාමියා ම පමණක් නොව වත්මන් මාලිමා පාලනයෙන් පවා කොන්දේසි විරහිතව අගය කල බව රහසක් නොවේ .

නමුදු මෙදා යලිත් මොරටුවම කුණු කරමින් යලිත් මේ කුණු වසංගතය ගමින් ගමට ව්‍යාප්තව ඇත්තේ එය ඇතැම් විටක විපක්ෂ කොට්ඨාශ හි විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් පලි ගැනීමක් ලෙසින් බව ද මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී ෂෙහාන් තිසේරා මහතා පවසයි .

මේ වන විට එදා මෙන් මෙදා මොරටුවේ කුණු ටික පවා ඇද ගන්නට නොහැකි මාලිමා පාලනයේ නොහැකියාවම නොව මෙය ඔවුන්ට වුවමනාවක් නැතිකම බව පවසන ෂෙහාන් තිසේරා මන්ත්‍රීවරයා තමාට මෙම වගකීම පවරන්නේ නම් මාසයක් ඇතුලත මෙම මොරටුව දකුණු කලාපයේ කුණු කඳු ඉවත් කරමින් මාලිමාවේ නොහැකියාවම නොව ඔවුන්ට එලෙස කරන්නට කිසිදු වුවමනාවක් නැතිකම ඔප්පුකර පෙන්වනා බවට අභියෝගකරයි ….

මේ මොරටුව මහා නගර සභාවේ පොදු විපක්ෂයේ මන්ත්‍රී ෂෙහාන් තිසේරා මහතා ඔහු දන්නා මොරටුව දකුණු කලාපයේ කුණු කඳු ඇති ස්ථාන කීපයක් වෙත පුරෝගාමියා කැඳවා ගොස් ඒවා පෙන්වා දෙමින් පුරෝගාමියාට කල ප්‍රකාශයයි !

Be the first to comment

Leave a Reply