හැකර් නොවන හැකර් ප්‍රහාරයක කූට මුලාවෙන් ප්‍රවේශම් වන්න – සජිත් දුමින්ද මන්ත්‍රීවරයාගේ වටිනා දැනුම් දීමක් අනුවය …

ඩොලර් මිලියන ගනනින් රජයේ වගකිව යුතුම ආයතන වෙතින් හැකර් ලා විසින් පැහැර ගැනීමත් සමගම මෙම හැකර් යන වචනය පවා වැඩි වශයෙන් අපෙ කතා බහටද එක්විය .

එනිසාම කුමන අන්දමේ වංචාවක් වුව ඊට සන්නිවේදන උපකරණ භාවිතා වෙද්දී එය හැකර් ප්‍රහාරයක් ලෙස මෙදා බොහෝ අය හැඳින්වීම වරදක් නොවේ .

මේ පසුගිය මොරටුව මහා නගර සභාවෙ රැස්වීම් වාරයේදී මොමනස මන්ත්‍රී සජිත් දුමින්ද මහතා මූලාසනයට කල අනතුරක දැනුම් දීමකි .

එය සැබවින්ම මොමනසට පමණ නොව මොරටුවට ද පමණ නොව මුලු රටටම වටිනා පණිවිඩයකි .

මෙම මන්ත්‍රීවරයා පහදනා ලෙසින් මෙය සිදුකොට ඇත්තේ මොමනස වෙළඳ බලපත්‍ර සඳහා ගෙවිය යුතු මුදලක් කිසියම් දිනකට පෙර ඊෂි කෑෂ් මගින් ගෙවනා මෙන් කිසියම් අයකු මුලා කිරීමේ කූට අවස්තාවකි .

මොරටුව මහා නගර සභාවද ආඳා මෙම උපක්‍රමය සැලසුම් කොට ඇති බැවින් එය මොමනස විසින් දැඩිව පරික්ෂාවට ලක්කල යුතු වුවත් මොරටුව මහා නගර සභාවේ උදාසීන නිදිමත නිලධාරීන් බහුතරයක් වන නිසාම එය පල ඇති වේද යන්න නම් පුරෝගාමියාට මහත් උභතෝකෝටිකයක් වුවත් මෙසේ එම දැනුවත් කිරීම මුලු රටටම ප්‍රසිද්ධ කර්නනේ මෙැවනි වූ කුමන තත්වයන් යටතේ වුව මෙම වංචාකාරයින් ක්‍රියාකොට ජනතාව රැවිටිය හැකි නිසාය

සැබවින්ම මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රී සජිත් දුමින්ද මහතාට පුරෝගාමියා මේ වටිනා දැනුම්දීම පිළිබඳව ස්තූතිය පුදකරනු ලබන්නේය !

Be the first to comment

Leave a Reply