ඒක පෞද්ගලික ? හා ? මේක පොදු ? බෑ ? මොමනස මේ දෙබිඩි ක්‍රියා ඇයිදැයි ජනයා අසයි !

මොරටුව කඩලානේ කෝවිල පාර කෙලවරෙහි මොරටුවේ බොහෝ දෙනෙකු දන්නා රජයේ නිවාස පිහිටා තිබෙන්නේය .

එම රජයේ ඉඩම පෙර ලැයිම ලෙසින් හැඳින්වූවද මෙදා එහි විසුවන්ගේ නෑදෑ පරම්පරාව වැඩි වෙමින් වෙසෙන්නේය .

බොහෝ අඩුපාඩු මැද දිවි ගෙවනා ඔවුන්ගෙන් මොරටුවට සිදුවූ සේවාවන්ද අප අමතක කල යුතු නොවේ .

කෙසේ වුවද එහි ඇති මෙම නිවාස සියල්ලටම එදා පොදු වැසිකිලි පද්ධතියක්ද පිහිටුවා තිබුනේය . එම වැසිකිලි පද්ධතිය වැසිිකිලි 5 ක් විණී යැයි  ඇතමුන් කීවද තවත් අයෙකු කියන්නේ එහි වැසිකිලි තුනක් බවය .

නමුදු කාලයාගේ ඇවෑමෙන් හා කිසිවකු නඩත්තු නොකිරීමෙ හේතුවෙන් එම වැසිකිලි කඩා වැටී මෙදා ඉතිරිව ඇත්තේ එකම එක පොදු වැසිකිලියක් පමණකි .

ඉතිර වැසිකිලි පමණක් නොව ඒවා පිහිටි භූමියද අද අතුරුදහන්ව ගොස් නොව ඇතමුන් විසින් අල්ලා ගනිමින් එම කොටස්ද තම අයිතියට හා කරගෙන ඇති බවද කියැවෙයි .

ඒ සියල්ල සොයන්නට බලන්නට විසදුම් සදන්නට කිසිවකුත් නොවනා තැන පුරෝගාමියා මේ කතා කරන්නේ එම විනාශව ගිය වැසිකිලි ගැන නොවේ . එහි දැනට ඉතිරිව ඇති වැසිකිලියේ (සෙප්ටික් ටැංකිය (Septic Tank) වැසිකිලි වල මෙසෙ කැඩී ඇතුවාටත් වඩා මෙය දිනපතාම පිරී එම පිටාර ගලනා ද්‍රව්‍ය කාණුවට වැටී එය බොල්ගොඩ ගඟ දක්වා මෙම කාණුව දිගේ ඇදී යයි .

මෙය සැබවින්ම නාසයක් ඇති අයෙකුට ඉවසා දරා සිටිය නොහැකි තත්වයක් විටක ඇති කලද මෙය මෙසේ උතුරා පිටාර ගලනා බව මොරටුව නගර සභාවට දැන්වූවද ඔවුන් කියා ඇත්තේ එම වල හිස් කිරීම සඳහා මුදල් ගෙවිය යුතු බවක්ය .

සැබවින්ම පුරෝගාමියා ලද තොරතුරු අනුව මෙසේ වූ පොදු වැසිකිලියක් හිස් කිරීමට එසේ මොමනස කියනා ලෙසින් මුදල් ගෙවන්නේ කවුරුන්ද ?

කෙසේ වුවද මෙය පෙර පාලනයන් යටතේ නොමිලේ හිස් කිරීම කල බව කියවෙනා නමුත් එසේ කලද නොකලද මෙදා මෙම නිවැසියන් විඳිනා ගැහැට පිළිබඳව නම් බොහෝ කාලයකට කිසිවෙකු විමසා නොබැලූ බවද මෙම නිවැසියෝ පවසයි .

මෙම තත්වයම ඉඳිබැද්දේ ආණ්ඩුව වත්තේ නිවැසියෝද අත් විඳිති එහි වන මෙම (සෙප්ටික් ටැංකිය(Septic Tank) වැසිකිලි වල ද හැම දිනම උතුරා යමින් කාණු දිගේ ගලයි .

මෙහි ඇති වැසිකිලි සියල්ල පොදුවේ සියල්ලෝ භාවිතා කරනා අතර ඒ පිළීබඳවද මොරටුව මහා නගර සභාවට දැන්වූ විට ඔවුන් පවසා ඇත්තේ මුදල් ගෙව්වොත් පමණක් එයද හිස් කල හැකි බවය .

සැබවින්ම මොලයක් ඇති කිසිවකුටත් එම පොදු වැසිකිලි පිළීබඳව මෙසේ කිව හැකිද යන්න පුරෝ ගාමියාට දැඩි ප්‍රශ්ණයක් වන්නේ මෙසේ පොදු නොවනා පෞද්ගලික ඉඩම් හි කරුණු පවා ජනයාට පීඩාවක්ව ඇතැයි පවසමින් නමුදු ඔවුන්ට ගෙවන්නට මුදල් නැතැයි කියා එය නගර සභාව මගින් දරා කල යුුතුයැයි මේ වන විටත් මොරටුව මහා නගර සභාව මගින් තමන්ගේ අය යැයි වර්ග කරමින් ඉටුකර දෙන්නට ක්‍රියා කරනා බව ඉතාම විශ්වාස කටයුතු ලෙසින් පුරෝගාමියා දන්නා බැවින් එසෙ පෞද්ගලික දේ ඉටු කරන්නට වෙහෙසෙනා මොරටුව මහා නගර සභාව මෙසේ මේ පොදු වැසිකිලි තුලින් වන සොබා දහම විනාශ වීම හෝ නොදකින්නේ ඇයිද යන්න මහත් කණගාටුවෙන් ප්‍රශ්ණ කල යුතු කරුණක් ව තිබෙයි .

එසේම අවසන් වශයෙන් පුරෝගාමියා මේ විමසන්නේ මොරටුවේ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්වය ගැන මහත් සේ වෙහෙසෙනා බවක් පෙන්නුම් කරනා මොරටුව මහා නගර සභාවෙ සෞඛ්‍ය අංශයෙ වගකිවයුතු නිලධාරීන් මෙසේ මෙම අපද්‍රව්‍ය කාණු දිගේ ගලා ගොස් ගගට එක්වීම ගැන කියන්නේ කුමක්ද යන්නයි .

අඩුම තරමෙ කීපයකට වරක් හෝ නගර සභාව සතු ගලි බවුසර් මගින් මෙය ඉටුකර දීමට ඇති හැකියාව පැහැර හරිමින් මොවුන් මේ ක්‍රියා කරන්නේ මොරටුව මහා නගර සභාව යනු ලාභ ලබනා වයාපාරයක්ම මිස එය කිසිසේත් මොරටුව ජනතාව වෙනුවෙන් වන සේවාවක් නොවනා බවට වන පණිවිඩයයි …

මේ මොරටුව මහා නගර සභාවේ නගරාධීපති නියෝජ්‍ය නගරාධීපති විපක්ෂ නායක ඇතුලු පක්ෂ විපක්ෂ සියලුම නාගරික මන්ත්‍රීවරුන්ගේ අවධානයටයි !

 

Be the first to comment

Leave a Reply