
හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව පවරා තිබූ අල්ලස් නඩුවක වන්දි මුදල් ගෙවීමට අදාළව කොළඹ මහාධිකරණය විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.
ප්‍රසන්න රණතුංග මහතා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ, කොලොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මීට පෙර වරදකරු වී තිබිණි. එම වරද වෙනුවෙන් රුපියල් ලක්ෂ 250ක දඩයක් සහ ලක්ෂ 100ක වන්දියක් ගෙවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබූ අතර, ඊට එරෙහිව ඉදිරිපත් වූ අභියාචනයක තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා මෙම නඩුව කැඳවා තිබුණි.
මෙහිදී මහාධිකරණය නියෝග කළේ අදාළ රුපියල් ලක්ෂ 100ක (කෝටියක) වන්දි මුදල, 2027 වසරේ ජූලි මස 06 වැනිදාට පෙර අනිවාර්යයෙන්ම ගෙවා නිම කළ යුතු බවයි. යම් හෙයකින් අධිකරණය නියම කළ මෙම ගෙවීම් පැහැර හරිනු ලැබුවහොත්, අභියාචනාධිකරණ නියෝගය කඩකිරීමේ වරද යටතේ විත්තිකරුට වසර 9ක සිරදඬුවමක් නියම කරන බව ද කොළඹ මහාධිකරණය මෙහිදී දැඩි ලෙස අවධාරණය කළේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අදාළ වන්දි මුදල නියමිත කාලසීමාව තුළ ගෙවා නිම කරන බවට අධිකරණය හමුවේ පොරොන්දු වූ අතර, එම පොරොන්දුව සැලකිල්ලට ගනිමින් අධිකරණය විත්තිකරු මුදාහැරීමට පියවර ගෙන තිබේ

Be the first to comment