
මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ දරුණු ගැටුමෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 27ක් දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
මියගිය පිරිස අතරින් 20 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර, ඉතිරි 7 දෙනා රාජකාරියේ නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන්ය. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති නිලධාරීන් අතර එක් ජේලර්වරයෙකු සහ බන්ධනාගාර නියාමකවරුන් 6 දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ විස්තර:
ජේලර් එස්.එච්.ජී. චන්ද්‍රවංශ මහතා (මාලබේ)
නියාමක ඩී.ඩබ්ලිව්. පුෂ්පකුමාර මහතා (රඹුක්කන)
නියාමක ඒ.ඩී. තරංග මහතා (බුලත්සිංහල)
නියාමක ටී.එන්.ආර්. තිලකසිරි මහතා (මැදවච්චිය)
නියාමක එස්.ඩී.එස්. අබේවර්ධන මහතා (මතව)
නියාමක බී.එන්.එන්. තරංග මහතා (බලංගොඩ)
නියාමක ආර්.පී.ආර්. සංජීව මහතා (මීරිගම)
ආරක්ෂක අංශ සාමාජිකයින් රැසකට තුවාල
මේ අතර, මෙම දරුණු තත්ත්වය පාලනය කිරීමට යාමේදී තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් 17 දෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
මීට අමතරව, බන්ධනාගාරයේ ආරක්ෂාව සහ තත්ත්වය පාලනය කිරීම සඳහා කැඳවූ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් 6 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් 3 දෙනෙකු ද තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවන බව වාර්තා වේ. ආරක්ෂක අංශ විසින් මේ වන විට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

Be the first to comment