
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය
“ජාතික ප්‍රගතිය උදෙසා සාමූහික ප්රයත්නයක් සහ අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක වෙනසක් අවශ්‍යයි”
“රටක් ලෙස අප අපේක්ෂා කරන ජාතික ප්‍රගතිය සහ සැබෑ සංවර්ධනය ළඟා කර ගත හැක්කේ හුදෙක් භෞතික යටිතල පහසුකම් සංවර්ධනයෙන් පමණක් නොවෙයි. ඒ සඳහා සමස්ත සමාජයේම සාමූහික ප්රයත්නයක් සහ පොදු කැපවීමක් අවශ්‍ය වනවා. විශේෂයෙන්ම දැනුමෙන්, කුසලතාවයෙන් සහ සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් බිහිකිරීම සඳහා උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මක භාවය අඛණ්ඩව ඉහළ නැංවීම රජයේ මූලිකම වගකීමක්.
ගෝලීය ආර්ථික රටාව වේගයෙන් වෙනස් වන මෙවැනි වටපිටාවක, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නොවන ඇතැම් වෘත්තීය සුදුසුකම් නිසා අපේ රටේ දක්ෂ වෘත්තිකයන්ට විදේශීය සහ දේශීය රැකියා වෙළඳපොළේ ඇති අවස්ථා සීමා වී තිබෙනවා. එම බාධාවන් ඉවත් කරමින්, සෑම පුද්ගලයෙකුටම තමන්ගේ දැනුම පුළුල් කර ගැනීමටත්, රටේ අනාගතයට සෘජුවම දායක වීමටත් හැකි අර්ථවත් අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට රජය කැපවී සිටිනවා. රජය, අධ්‍යාපන ආයතන, කර්මාන්තකරුවන් සහ වෘත්තීය ආයතන අතර අඛණ්ඩ සංවාදයක් සහ සහයෝගීතාවයක් පැවතීම මීට අත්‍යවශ්‍යයි.”
(ජූනි 28, ඉංජිනේරු ආයතන වාර්ෂික සමුළුව – කොළඹ)

Be the first to comment