
මෑතකදී වී වගාව වෙනුවට බඩඉරිඟු වගා කළ යුතු යැයි පැවසීමෙන් මෙන්ම වී මිලදී ගැනීමේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ගොවීන්ගේ දැඩි උදහසට හා විවේචනයට ලක් වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා, එම සියලු විවේචන සහ ආන්දෝලනාත්මක තත්ත්වයන් මධ්‍යයේ අනුරාධපුරයේදී විශේෂ ගොවි හමුවක් පවත්වමින් සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබේ.
අනුරාධපුර පළාත් කළමනාකරණ සංවර්ධන ශ්‍රවණාගාරයේදී ඊයේ (28) පැවති මෙම හමුවේදී අමාත්‍යවරයා ගොවිජන ජීවිත නගාසිටුවීමට සහ ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළේය.
මෙහිදී අමාත්‍යවරයා ඉදිරිපත් කළ ප්‍රධාන කරුණු:
නව නිෂ්පාදන පිරිවැය වාර්තාව සහ සහතික මිල: කෘෂිකර්ම අමාත්‍යාංශය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් එක්ව සකස් කළ යල් කන්නයේ නවතම පිරිවැය වාර්තාව මෙහිදී එළිදක්වන ලදී.
රතු නාඩු කිලෝවක පිරිවැය: රු. 76 යි
සුදු නාඩු කිලෝවක පිරිවැය: රු. 87 යි
සම්බා කිලෝවක පිරිවැය: රු. 97 යි
කීරි සම්බා කිලෝවක පිරිවැය: රු. 119 යි ගොවි සංවිධානවල දිගුකාලීන ඉල්ලීමක් මත මෙම පිරිවැයට සියයට 30ක ලාභයක් එකතු කර සහතික මිල තීරණය කර ඇති බවත්, හෙක්ටයාරයකට රුපියල් 30,000ක පොහොර සහනාධාරය ද මෙයට ඇතුළත් කර ඇති බවත් ඔහු පැවසීය.
ආහාර ආනයනය සහ ජාතික සැලැස්ම: අර්තාපල්, ලොකු ලූණු, පාන්පිටි, සහල් සහ බාස්මතී වැනි ද්‍රව්‍ය තවදුරටත් විදේශයන්ගෙන් ගෙන්වීමට සිදුවී ඇති බැවින්, නිසි ජාතික සැලැස්මකට අනුව වගා කටයුතු සිදු කිරීමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.
විවේචන හමුවේ නොසැලී ඉදිරියට: රට පරිවර්තනීය යුගයක පවතින මොහොතක, විවිධ අභියෝග සහ විවේචන මධ්‍යයේ වුවද මාධ්‍ය හෝ දේශපාලන බලපෑම්වලට බිය නොවී ජනතා යහපත වෙනුවෙන් තීරණ ගන්නා බව හෙතෙම සඳහන් කළේය.
රජයේ අනෙකුත් සහන: වත්මන් රජය කිසිදු දේශපාලඥයෙකුට රථවාහන පර්මිට් වැනි විශේෂ වරප්‍රසාද ලබා දී නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය සම්පත් ජනතා සුබසාධනය සඳහා යොදවමින් රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, පොහොර සහනාධාරය ඉහළ නැංවීම, පාසල් දරුවන්ට රුපියල් 6,000ක උපකරණ දීමනාව ලබාදීම සහ වී අලෙවි මණ්ඩලය හරහා සහතික මිලට වී මිලදී ගැනීම ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් කියා සිටියේය.
Agriculture Minister Lal Kantha Addresses Farmers Amid Controversies: Production Costs and Government Vision Outlined
Despite facing severe criticism and controversy recently over his remarks regarding cultivating maize instead of paddy, as well as issues surrounding paddy purchasing prices, Minister of Agriculture, Livestock, Land, and Irrigation K.D. Lal Kantha has laid out his stance during a special farmers’ meeting held in Anuradhapura.
Addressing the gathering at the Anuradhapura Provincial Management Development Auditorium yesterday (28), the Minister strongly emphasized the government’s steadfast commitment to uplifting the lives of the farming community and ensuring national food security.
Key Points Highlighted by the Minister:
New Production Cost Report and Guaranteed Prices: A newly compiled cost report for the Yala season, prepared collaboratively by the Ministry of Agriculture, the Agrarian Development Department, and several other institutions, was presented at the meeting:
Red Nadu (per kg cost): Rs. 76
White Nadu (per kg cost): Rs. 87
Samba (per kg cost): Rs. 97
Kiri Samba (per kg cost): Rs. 119 Responding to long-standing requests from farmer organizations, the government has factored in a 30% profit margin on top of these production costs to determine guaranteed prices, along with a fertilizer subsidy of Rs. 30,000 per hectare.
Food Imports and National Planning: Pointing out that essential food items such as potatoes, onions, wheat flour, rice, and basmati still need to be imported from abroad, the Minister stressed the critical need for systematic, plan-driven agricultural practices to prevent food shortages.
Pressing Forward Despite Criticisms: Noting that the country is currently traversing a transformative era, the Minister stated that despite various challenges, criticisms, and media or political pressures, he remains unfazed and dedicated to making decisions that prioritize the welfare of the people.
Other Government Relief Measures: Highlighting that the current administration has not granted any special privileges—such as vehicle permits—to politicians or ministers, the Minister noted that state resources are instead being channeled toward public welfare. This includes increasing public sector salaries, enhancing the fertilizer subsidy, providing a Rs. 6,000 stationery allowance for school children, and purchasing paddy through the Paddy Marketing Board at guaranteed prices.




Be the first to comment