මොරටුව මහා නගර සභාවේ දේපල හා සේවකයන් අමු අමුවේ අවභාවිතයි ! මහජන බදු මුදලින් ජවිපෙ ෆෙස්බුක් පිටු පෝෂණය කරනා මොරටුව මහා නගර සභාවට නඩු නැද්ද ?

මහජන බදු මුදලින් ජවිපෙ පක්ෂ ප්‍රවර්ධන ය ! මොරටුව නගර සභාවේ උපකරණ ජවිපෙ ගිණුම ප්‍රවර්ධනයට අවභාවිතාව සහ වැඩබැරි IT අංශයේ වගකීම් විරහිත භාවය මෙසේය

 “රාජ්‍ය දේපල සහ ශ්‍රම අවභාවිතය” යනු කුමක්ද?

සරලවම කිවහොත්, රාජ්‍ය දේපල අවභාවිතය යනු මහජන බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය ආයතනයක සතු මුදල්, භාණ්ඩ, වාහන, උපකරණ හෝ වැටුප් ලබන රාජ්‍ය සේවකයන්ව, ඔවුන්ට පැවරී ඇති නිල රාජකාරීවලින් බැහැරව තනි පුද්ගලයෙකුගේ හෝ දේශපාලන පක්ෂයක ලාභ ප්‍රයෝජන තකා නීතිවිරෝධී ලෙස යොදාගැනීමයි.

අතීතයේ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැනි ප්‍රබල දේශපාලනඥයන්ට එරෙහිව රාජ්‍ය සේවකයින් තමන්ගේ නිල රාජකාරිවලින් බැහැර කර පෞද්ගලික හෝ වෙනත් දේශපාලන කටයුතුවලට යොදවා ගැනීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගත්තේ ද මෙම පදනම මතය. භාණ්ඩ හා මුදල් පමණක් නොව, රාජ්‍ය සේවකයෙකුගේ නිල කාලය සහ ශ්‍රමය අවභාවිත කිරීම ද දඬුවම් ලැබිය හැකි බරපතළ වරදක් වන නිසාමය .

නමුත් අද වන විට මොරටුව මහා නගර සභාව තුළ පක්ෂ විපක්ෂ කිසිවෙකුටත් බුද්ධියක් නැතුවා සේ ක්‍රියාත්මක වෙමින් පවතින, සාක්ෂි සහිත බරපතළ අවභාවිතයේ පියවරෙන් පියවර විග්‍රහය සහ උදාහරණ මෙසේය :

මොරටුව මහා නගර සභාවේ නිල වෙබ් අඩවියේ ප්‍රෝඩාව සහ වැඩබැරි IT දෙපාර්තමේන්තුව !

 මොරටුව මහා නගර සභාවේ නිල වෙබ් අඩවියට පිවිසෙන ඕනෑම අයෙකුට දැකගත හැක්කේ නගර සභාවේ නිල ඡායාරූප (Gallery) බැලීම සඳහා ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවට යන ලෙසයි. නගර සභාවේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවක් (IT Department) කියා එකක් නඩත්තු කරන්නේ මහජන බදු මුදලිනි! නමුත් තමන්ගේ මූලික වගකීම පැහැර හරිමින්, වෙබ් අඩවියේ නිල දත්ත ගබඩා කරනු වෙනුවට, ජනතාව ෆේස්බුක් එකට දක්කන මෙම “වැඩබැරි තොරතුරු තාක්ෂණ අංශය” ලැජ්ජා විය යුතුය !

 

රාජ්‍ය දේපලක් වන නිල ඡායාරූප අතුරුදන් වීමේ බරපතළ අවදානම!

ෆේස්බුක් (Facebook) හෝ මෙටා (Meta) සමාජ ජාලා ආයතන සතු නීති රීති උල්ලංඝනය වීමක් හෝ වෙනත් තාක්ෂණික හේතුවක් මත ඕනෑම මොහොතක පිටුවක් අත්හිටුවීමට (Block) හෝ පින්තූර ඉවත් කිරීමට (Delete) ඉඩ ඇත. නගර සභාවේ කැමරාකරුවා මහජන බදු මුදලින් වැටුප් ලබා ගත්, රාජ්‍ය දේපලක් වන මෙම නිල ඡායාරූප, මෙලෙස බාහිර සමාජ ජාලාවල පමණක් රඳවා තැබීමෙන් ඒවා සදහටම අහිමි වී යාමේ බරපතළ අවදානමක් ඇත. මෙම වගකීම් විරහිත ක්‍රියාවට තොරතුරු තාක්ෂණ අංශය සෘජුවම වගකිව යුතුය !

 

නගර සභාවේ පින්තූර දේශපාලන පක්ෂයක පිටුවේ !

 වෙබ් අඩවියේ හෝ නගර සභාවේ නිල ෆේස්බුක් පිටුවේ නැති, මෑතකදී පැවැත්වූ “සාහිත්‍යාංජලි” කලා මහෝත්සවය හා මොරටුව මහා නගර සභාව අනුග්‍රහයෙන් පැවැත්වූ මොරටුව පාසැල් දරුවන් තුල පරිසරය පිරිසිදුව තබා ගැනිම වැනි නිල උත්ව වලදීද මොරටුව මහ නගර සභා ක්‍රිකට් කණ්ඩායමේ නිල තරග  වැනි නිල උත්සවවල වගකිවයුතු ඡායාරූප සහ වටිනා නිල තොරතුරු රාශියක් නගර සභාවේ නිල මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කරනු වෙනුවට, ඒවා කෙළින්ම උඩුගත කර ඇත්තේ “මොරටුව ජවිපෙ” ( Moratuwa Jvp ) නම් නිල දේශපාලන ෆේස්බුක් පිටුවටයි! මහජනතාවගේ කටයුතු වෙනුවෙන් ගන්නා පින්තූර, පක්ෂ ප්‍රවර්ධනය සඳහා පමණක් භාවිත කිරීම පිටුපස ඇත්තේ කුමන කුමන්ත්‍රණයක්ද?

පුරෝගාමියා ලද අරංචි වලට අනුව වූ දැනුවත් වීමේදී මෙම මොරටුව ජවිපෙ ෆේස්බුක් පිටුව පවත්වාගනෙ යනු ලබන්නේද මොරටුව මහා නගර සභාවේ නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දු මහතාගේ මාධ්‍ය ලේකම් වරයා විසින් වන අතර එනිසාම ඔහු විසින් මෙම අවභාවිතාව සිදුකරනු ලබනා බවයි .

කරුණු එසේ වන නිසාම මෙම මාධ්‍ය ලේකම් වරයාට වැටුප් ගෙවන්නේ මොරටුව නගරයේ වරිපනම් ගෙවනා ජනතාව වන බැවින් එය ම එසේ නම් රජයේ නිලධාරියකු ජනතා විමුක්ත් පෙරමුණ ප්‍රවර්ධනය සඳහා යොදවා ගැනීම සත්‍ය ලෙසම අවභාවිතයක් වන්නේය .

දූෂණ හොරකම් වංචා සේම අවභාවිතයද නොකරනා බවට ජනතාව විශ්වාස කලා වූ මාලිමාවේ නගරාධිපතිවරයා මේ පිළීබඳව දැන නොදැන සේ සිටීම ම මහත් කණගාටුවකි .

මේ අනුව මොරටුව මහා නගර සභාවේ නිල වෙබ් අඩවියේ ඡායාරූපයක් පලකර ගන්නට බැරි තරම්ම වැඩඩ බැරි IT අංශය එම ඡායාරූප බලන්නට මොරටුව ජවිප පිටුවට යන්නැයි සඳහන් කලානම් එය මෙයට වඩා වටින්නේ යැයි අප කියන්නේ මේ තුල අවභාවිතය සේම මොරටුව ජනතාව රවටීමද සිදු කරනා නිසාමය

 

මහජන බදු මුදලින් පක්ෂ ප්‍රවර්ධනය කිරීම සහ මාලිමා පාලනයට අද නැති හෙට වැටෙන නඩු !

මෙහි ඇති බරපතළම කරුණ නම්, මෙම ඡායාරූප ගැනීමට යොදාගන්නේ මොරටුව මහා නගර සභාව සතු වටිනා කැමරා උපකරණ සහ නගර සභාවෙන් වැටුප් ලබන නිල ඡායාරූප ශිල්පියා හෝ මාධ්‍ය ලේකම් වීමයි. මොරටු වැසියා ගෙවන බදු මුදලින් වැටුප් ලබන සේවකයෙකු සහ නගර සභා දේපල, දේශපාලන පක්ෂයක පිටුවක් පෝෂණය කිරීමට යොදවා ගැනීම අමු අමුවේ සිදුවන දේපල හා ශ්‍රම අවභාවිතයක් නොවේද?

“අපි ආවම හොරකම්, දූෂණ, අවභාවිතයන් නතර කරනවා” යැයි කියමින් බලයට පැමිණි මාලිමා රජය සහ එහි ප්‍රාදේශීය ක්‍රියාකාරීන් අද කරමින් සිටින්නේ පැරණි දේශපාලනඥයන් කළ වැරැද්දම නොවේද? දේශපාලන පක්ෂයක පිටුවක් ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සේවකයන්, උපකරණ සහ තොරතුරු තාක්ෂණ අංශය මෙලෙස අවභාවිත කිරීම, ඉදිරියේදී වත්මන් පාලකයින්ට සහ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ සහ අධිකරණය හමුවේ නඩු පැවරීමට ඇති තරම් සාක්ෂි සපයන්නකි.

කෙටියෙන්ම කියන්නේ නම් මොරටුව මහා නගර සභාවේ කිසිදු මුදලක් උපකරණයක් මෙසේ පක්ෂ ප්‍රවර්ධනයට යෙදවීම තුල වන්නේම අවභාවිතයකි

තමන්ගේ පක්ෂයේ ප්‍රචාරක වැඩවලට මහජන බදු මුදලින් නඩත්තු වන නගර සභාවේ සම්පත් දියකර හරින වත්මන් බලධාරීන්ගේ සහ ඔවුන්ට උඩගෙඩි දෙන වැඩබැරි නිලධාරීන්ගේ ද්විත්ව ප්‍රතිපත්තිය එය කුමන පක්ෂයකින් සිදු කරන්නේ වුවද එය අද නැතත් හෙට නඩු වැටෙනා කරුණක් බව පුරෝගාමියා මෙසේ පහදා දෙන්නේ ඒ නිසාවෙනි !

Be the first to comment

Leave a Reply