
මොරටුව පහළ ඉඳිබැද්ද ප්රදේශයේ ජීවත් වූ මොරටුවටම කිසිදු බේදයකින් තොරව තම සේවය ඉටු කල දේශපාලනඥයෙකු වූ ඩග්ලස් ප්රනාන්දු මහතා මියගොස් දැනට වසර හතලිහක් පමණ වෙයි .
එනිසාම ඔහු වෙනුවෙන් මොරටුව මහා නගර සභාවෙන් ලබාදිය යුතු ගෞරවයක් ලෙසින් ඔහු නමින් ඉඳිබැද්ද ප්රදේශයේ කිසියම් පාරක් නම් කල යුතු බවටද එසේම ඔහු නමින් වූ ඩග්ලස් ප්රනාන්දු ක්රීඩාංගණය මේ වන විට පෞද්ගලික අයිතියක් සේ වීම වලකා එය වැඩි දියුණු කොට එහි ආරක්ෂාව තහවුරු කරමින් එහි ඔහුගේ නාම පුවරුවක් සවි කල යුතු බවටද වූ යෝජනාවක් පසුගිය දා මොරටුව මහා නගර සභා රැස්වීමට ඉදිරිපත්කොට තිබුණේ මොරටුව මහා නගර සභා මන්ත්රී සුරේෂ් ප්රේමකුමාර මහතා විසින්ය .ඔහු විසින් ඩග්ලස් ප්රනාන්දු මහතා මියයන විට අඩුම ගානේ ඔහුට බැංකු පොතක් වත් තිබුණේ නැති බවත් ඔහු හදවතින්ම ජනතා සේවය කලා මිස දේශපාලනයෙන් අද මෙන් ඔහු හම්බකරේ නැති බවද පැවසීය
එසේම මන්ත්රී සුරේෂ් ප්රේමකුමාර මහතා විසින් මොරටුවේ සෑම ප්රදේශයකටම මේ වන විට මහත් ප්රශ්ණයක්ව ඇති සුනඛ ගහණය වැලැක්වීම නිසි පරිදි සිදු නොවනා බව පැහැදිලි බැවින් ඒ පිළබඳවද කඩිනම් පියවර ගනු ලැබිය යුතු බවට ද වූ තවත් යෝජනාවක්ද ඉදිරිපත් කරනු ලැබීය
පුරෝගාමියා මොමනස මන්ත්රී සුරේෂ් ප්රේමකුමාර මහතාගෙන් එම යෝජනාවන් පිළිබඳව විමසමින් ඔහු හා කල සාකච්ඡාවේ වීඩියෝව මෙසේය …




Be the first to comment