මොරටුව ජනතාවට සේවයක් හා ලාභයක් ! නායක සේනක දමයන්ත ප්‍රධාන කරමින් සමූප සභාපති කාර්ලෝ ප්‍රනාන්දු කිව් ලෙසින්ම වැඩ අරඹයි ! 

පසුගිය දා මොරටුව විවිධ සේවා සමූපකාර සමිතියේ නව සභාපති ලෙස සමගි ජනබලවේගය විසින් ම තෝරා පත්කල කාර්ලෝ ප්‍රනාන්දු මහතා සමිතිය සතු මහඟු සම්පත් අන් අයට බදු දී සමිතිය සොච්චමක් පමණක් ලබා ගැනීමේ මෙතෙක් ආ ක්‍රමයෙන් මිදී සියලු ලාභයන් සමූපකාර සමිතියට ලබා ගැනීමේ අනාගතයක් උදාකිරීම තම අරමුණ බව පැවසීය .

සැබවින්ම මෙවන් අවස්ථාවන්හි කෙරෙනා ප්‍රකාශයන් හදෙක් වදන් පමණක්ම වන නිසාම එය එසේ වේද නොවේද යන්න විමසන්නෝ ද නොවනා නමුත් නව සභාපතා තනතුරුට පත් කාර්ලෝ ප්‍රනාන්දු මහතා එසේ නොවෙමින් තම අරමුණ සැබෑවක් කරමින් ඊයේ දිනදී ලුනාවේ ශ්‍රී විසුද්ධා රාමය ආසන්නයේ ඇති කෝප් සිටි ගොඩැනැගිල්ලේ හි නව බේකරි නිෂ්පාදන වෙළඳ සැලක් ආරම්භ කලේය .

සමගි ජන බලවේගයේ මොරටුව ආසන සංවිධායක මොරටුව මහා නගර සභාවේ විපක්ෂ නායක සේනක දමයන්ත මහතා විසින් එදින මොරටුව මහා නගර සභාවේ ඇතිව තිබූ ගැටලු විසඳාලමින් නව සභාපතිවරයා ලෙසින් කාර්ලෝ ප්‍රනාන්දු මහතා පත් කරමින් මොරටුවේ නියමුවා ලෙසින් ලැබ දුන් උපදෙස් හා ස්වාධීනව තීරණ ගෙන ජනතා සේවය උදෙසා චෝදනා නොලැබ නිදහස්ව යා යුතු බවට වූ ප්‍රකාශය අනුව යමින් මෙම කටයුතු සිදුවෙමින් තිබෙනා බවද එහිදී පුරෝගාමියාට පසක් විය .

එසේම කාර්ලෝ ප්‍රනාන්දු මහතාගේ අරමුණ අනුව අන් සියල්ලනගේ අදහස් විමසා බලමින් මෙම බේකරි නිශ්පාදන අලෙවි සැල මෙන්ම වසර ගණනාවක් මොරටුවට අඩුපාඩුවක්ව තිබූ සුපර් ඩීසල් බෙදා හැරීමේ ක්‍රමවේදයක්ද ඊයේ ( 08 / 10 / 2026 ) දිනදී රාවතාවත්ත සමූපකාර ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයේදී සමගි ජන බලවේගයෙ මොරටුව ආසන සංවිධායක මොමනස විපක්ෂ නායක සේනක දමයන්ත මහතාට ප්‍රධාන ආරාධිතයා ලෙසින් ආරාධනා කරමින් සෙසු සමූපකාරයේ වගකිවයුතු සියලු අධ්‍යක්ෂ මහතුන්ද නිලධාරී මහත්ම මහත්මීන්ද පෙරටුව සිදු කිරීම අගයකල යුතුය .

පුරෝගාමියා එසේ අගය කරන්නේ මන්ද යත් මොරටුවට අඩුපාඩුවක් වූ මෙම සුපර් ඩීසල් බෙදා හැරීම තුලින් මොරටුව ජනතාවට වන සේවය මෙන්ම මෙම සුපර් ඩීසල් වෙනත් ඇතැම් ඉන්ධන අලෙවි කරනා ස්ථාන වලින් මෙන් නොව රජයේ පාලන මිලටම ලබා ගැනීමේ වාසියද මොරටුව ජනතාවට අත්වන බව පුරෝගාමියාට මෙහිදී දැන ගැනීමට ලැබුණු නිසාය .

මේ එම අවස්ථාවන්ය …..

Be the first to comment

Leave a Reply