පෞද්ගලික වාහන වලටත් පසුගිය පාලනයේ දී මොමනසින් තෙල් ගහලාලු ? පරීක්ෂණයක් ඉල්ලා මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් මහතා එම වාර්ථා සභාගත කරයි ! නගරාධිපති පරීක්ෂණයක් කැඳවයි ! එය නීත්‍යානුකූලව සිදුකල ක්‍රියාවක් බව මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා කරුණ පැහැදිලි කරයි !

පසුගිය මොමනස මහා සභාවරයේදී ජාතික ජන බලවේගයේ මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් කුමාර මහතා විසින් ආයිතම පැමිණිලි ඉදිරිපත් කිරීම යටතේ අතීත පාලනයක් යටතේ වූ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් යැයි ප්‍රකාශ කරමින් පෞද්ගලක වාහනයක් සඳහා මොරටුව මහා නගර සභාවෙන් ඉන්ධන ලබා ගැනීමක් පිළිබඳව වාර්ථාවක් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් කරනා මෙන්ද ඉල්ලා සිටියේය .

එහිදී මන්ත්‍රීවරයා විසින් ඒ කවෙරෙක් විසින් සිදුකල ක්‍රියාවක්ද යන්න හෙළි නොකල නමුත් එහිදී කියැවුන නම් හා විස්තර අනුව පුරෝගාමියාගේ අදහස වන්නේ මෙම ක්‍රියාව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ පාලන සමයේදී සිදුවූ කරුණක් වන අතර මෙහිදී මෙම මන්ත්‍රීවරයා ප්‍රකාශ කල නම අනුව එම වාහනයේ අයිතිකරු වන්නේ සමන්ලාල් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයාගේ වැඩිමහල් පුත්‍රයා ය .

එනිසා මෙම කරුණු අනුව මෙම පරීක්ෂණයට අමතරව තවත් දූෂණ ක්‍රියාද ඉදිරියේදී හෙළිකරනා බව සුදේශ් ඉන්ද්‍රජිත් කුමාර මන්ත්‍රීවරයා විසින් ප්‍රකාශ කල අතර එහිදී විල්ලෝරාවත්ත හි ගෙඩනැගිල්ලක වරිපනම් පිළිබඳ අයතා ක්‍රියාවක් පිළීබඳවද ඔහු විසින් තව්ත වැඩිදුර කරුණු සෂාවට ඉදිරිපත් කරනා ලදි .

මෙම කරුණ පිළිබඳව පරීක්ෂණ කොට මෙය නීතිය හමුවටද පැමිණීවිය යුතුයැයි ද මන්ත්‍රීවරයාගේ අදහස වූ අතර මුලසුන හෙබවූ නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා එම ලියවිල්ල මොමනස කොමසාරිස් තුමිය වෙත යොමු කරමින් මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරනා මෙන් ඉල්ලා සිටියේය .

මේ අවස්ථාවේ නැගී සිටිමින් අදහස් පලකල විපක්ෂයේ මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් මෙවැනි දේ ආයිතම පැමිණිලි යටතේ ඉදිරිපත් කිරීම නිසා අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නැතත් නගරාධීපතිවරයාගේ අවසරය පතමින් මෙම සුදුවීම ඔහු දන්නා බවද මෙම කටයුත්ත සිදුකරනු ලැබුවේ නීතයානු කූල ලෙසින් බවද මෙම මන්ත්‍රීවරයා එය නොදැන මෙසේ මෙය ඉදිරිපත් කාරනා බවද පැවසූ අතර එහිදී නගරාධිපති කෙ ඩී නිශාන්ත මහතා විසින් අපි පරීක්ෂණයක් කරලා බලමු යැයිද ඊට පිලිතුරු වශයෙන් පැවසීය .

එම සිදුවීමේ හඬ මෙසේ පුරෝගාමියා පල කරනු ලබන්නේ මෙවැනි මොරටුව ජනතාවට වටිනා සියලු දේ මෙසේ ප්‍රසිද්ධ කිරීම එම ජනතාවගේ ද පුරෝගාමියාගේ ද භාෂණයේ හා ප්‍රකාශණයේ අයිතියක් බව හොඳින්ම දන්නා නිසා ද එය සිදුකල යුුතුම බව දැඩිව විශ්වාස කරමින් සියල්ලට වඩා සැබෑ සත්‍යය ම හෙළි කිරීම පුරෝගාමියාගේ මාධ්‍ය භාවිතාව වන නිසාය .

Be the first to comment

Leave a Reply