හිටපු නගරාධිපති අනීතිකව තනි අත්සනින් අවසර දුන්  සැලසුම් ගැන දැන් පරීක්ෂණ කෙරෙනවා ? ඒ ප්‍රථිපල මොරටුව ජනතාවට බොහෝ දේ කියා දේවි ! මොමනස මන්ත්‍රී  සුදේශ් ඉන්ද්‍රජිත් මහතා කියයි

මොරටුව මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය තුල අතීත පාලනයන්ගේ වූ දූෂිත කම් පිළිබඳව බොහෝ සත්‍යයන් හා අසත්‍යයන්ද පාදක කොට ගනිමින් පැතිර ගිය චෝදනාවන් බොහෝමයකි .

එනිසාම මොරටුව මූලිකව සත්‍යයන් සොයා යන පුරෝගාමියා මේ පිළිබඳව විමසීමට වත්මන් ජාතික ජන බලවේගයේ පාලනයේ වගකිවයුත්තන් ගෙන් විමසීමට බොහෝ වරක් උත්සාහ කල නමුත් ඔවුන් ගේ කාර්‍යබහුලත්වය නිසාම ඒ අවස්ථාවන් ගිලිහී ගියේය .

එනිසාම ඇතැම් අය විසින් පුරෝගාමියා සොයා යන්නේ විපක්ෂයේ අදහස් හා මත පමණක්ය යන අදහසද පතුරුවා ලන්නට තරම් එයද  අසත්‍යයක් වූ නමුදු ඇතමුනට සත්‍යයක් විය .

නමුදු පුරෝගාමියාට එසේ කිසිවකුත් විශේෂ හෝ නොවිශේෂ වන බැවින් මෙවර එසේ විමසීමට කල උත්සාහය තුල මොරටුව මහා නගර සභාවේ ජාතික ජන බලවේගයේ ක්‍රියාධර මන්ත්‍රී වරයෙකු වූ එහි සෞඛ්‍ය අංශයේ සභාපතිවරයාද වූ සුදේශ් ඉන්ද්‍රජිත් මහතාගෙන් ම මෙදා හා එදා තත්වයන් පිළිබඳව විමසීමට මෙසේ අවස්ථාවක් උදාවිය .

අතීතයේ සෞඛ්‍ය අංශයේ සිදුවීම් අනුව මෙදා එදා මෙන් ආදායමක් නොලැබීම පිළිබඳවද පුරෝගාමියා තුලින් ප්‍රසිද්ධ වූ අදහස් පිළිබඳවද පැහැදිලි කල මොමනස මන්ත්‍රී සුදේශ් ඉන්ද්‍රජිත් මහතා එය එසේ නොවනා බව ද මෙහිදී පැහැදිලි කලේය .

ඔවුන් කණ්ඩායමක් ලෙස සියලු විවේචන තුලින් නැගෙනා යෝජනා චෝදනා තුලින් වටිනා දේ පමණක් ගෙන අන් පුහු චෝදනා වලට අඩුම තරමේ පිලිතුරු බැදීම පවා නිශ්පල වන නිසාම සියල්ලට පිලිතුරු දෙන තැනක මොරටුව ජාතික ජන බලවේගය නොමැති බවද මෙහිදී පැවසීය

නමුදු ජනතාව තුල වැරදි වැටහීම් ඇති කරනා ප්‍රකාශ පිළිබඳව නිහඬව නොසටිනා බවද ප්‍රකාශ කරමින් අතීත දූෂණයන් පිළිබඳව ඔවුන් දැනටමත් අදාල නීති අංශයන් දැනුවත් කරමින් දැන් පිළිබඳව ඔවුන් විසින් විමර්ශණ සිදුකරමින් සිටිනා බැවිනි ඉදිරියේදී සත්‍යය හෙලිවන බවද පැහැදිලි කලේය .

එසේම සියල්ලම නිවැරදි යැයි තමා අදහස් නොකරනා නමුත් කිසිදු නිලධාරියෙකු නොමැතිව පෙර නගරාධිපතිවරයා විසිනි තම අභිමතය පරිදි පවා අත්සන් තබමින් අවසර දිය නොහැකි බොහෝ දේට අවසර දී ඇතැයිද එම කටයුතු ද මෙම විමර්ශණයන් තුලදී නීතිමය ලෙසින් සිදුවන බවද පැවසීය

එසේම මොරටුවේ සියලු ජනතාවට ඔවුන්ට මොරටුව මහා නගර සභාවෙන් අත් විඳින්නට සිදුවන කිසියම් අකටයුත්තක් අයුක්තියක් වේ නම් එය වත්මන් නගරාධිපතිවරයා ප්‍රමුඛව තමා වෙතද පෞද්ගලිකවම යොමු කල හැකියැයි පෙන්වා දෙමින් එසේ ක්‍රියාත්මක වෙන්නැයි ඉල්ලා සිටිමින් ඔහුගේ දුරකතන අංකය ද මෙහිදී සදහන් කලේය ….

ඔහු හා පුරෝගාමියා සිදුකල සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව මෙසේය …..

 

 

Be the first to comment

Leave a Reply