මොරටුවේ ප්‍රධානතම පෙරහැර මංගල්‍යය 2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා රාත්‍රී වීදි සංචාරය කෙරෙයි . ( වීඩියෝ )

මොරටුව ලුනාව ශ්‍රී විසුද්ධාරාමයේ සතර මහා දේවාල ඓතිහාසික රන්දෝලී ඇසල මහා පෙරහැර 2026 සැප්තැම්බර් මස 18 වන සිකුරාදා රාත්‍රී වීදි සංචාරය කෙරෙයි .

මොරටුව ලුනාව ශ්‍රී විසුද්ධාරාම මහා විහාරය සහ එහි පිහිටි පුරාණ සූනියම් දේවාලය යනු මොරටුවේ පැවැත්වෙන ප්‍රධානතම ආගමික මංගල්‍යයට උරුමකම් කියන, ඉමහත් ඓතිහාසික වැදගත්කමකින් යුත් පූජනීය ස්ථානයකි.

මෙම විහාරස්ථානය සහ සූනියම් දේවාලය මොරටුව ලුනාව ප්‍රදේශයේ ජනතාවගේ ආත්මීය සහ ආගමික බැඳීම සනිටුහන් කරමින් අතීතයේ සිටම පැවත එන්නකි.

ලුනාව ඇතුළු සමස්ත මොරටු පුරවරයටම රැකවරණය දෙන ප්‍රධානතම දේව මන්දිරය ලෙස මෙම ගම්භාර සිද්ධ සූනියම් දේවාලය ඓතිහාසිකව පිළිගැනීමට ලක්ව ඇත.

අතීතයේ සිටම ප්‍රදේශයේ ධීවර, ව්‍යාපාරික මෙන්ම සිවිල් ජනතාව තම පොදු සහ පෞද්ගලික ආරක්ෂාව වෙනුවෙන් මෙහි පැමිණ භාරහාර වීම පුරුද්දක් කරගෙන තිබේ

මෙම 2026 වසරේ සැප්තැම්බර් 18 වැනිදා පැවැත්වෙන මෙම පෙරහැර මංගල්‍යය මොරටුව නගරයේ පවත්වනු ලබන ප්‍රධානතම සහ විශාලතම සංස්කෘතික පෙරහැර ලෙස ඓතිහාසිකව සම්භාවනාවට පාත්‍ර වේ.

මොරටුවේ ප්‍රෞඪත්වය සහ බෞද්ධ-දේව සංස්කෘතියේ අක්මුල් විදහා පාන ප්‍රධානතම සාක්ෂියක් ලෙස මෙම වාර්ෂික රන්දෝලි මහා පෙරහැර හැඳින්විය හැකිය.

 

 

 

Be the first to comment

Leave a Reply