ඒකමතික සම්මතයෙන් නගර සභා ආමි නේවි චකබ්ලාස් වෙයිද ? මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා පිළිතුරු දෙයි !

මොරටුව මහ නගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු වූ මොරටුව ශ්‍රීලනිප යේ මොරටුව ආසන සංවිධායකවරයා ද වූ මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා පසුගිය මහා සභා රැස්වීමට ගෙන ආ යෝජනාව ඒකච්චන්දයේන සම්මත වීය .

මොමනස කොට්ඨාශයන් හි කලාප තුල සේවයේදී සිදුවන අක්‍රමිකතා ආමි නේවි යනුවෙන්

බොහෝ කලක සිට සිදුවෙයි . සේවයට පැමිණි බවට පොත අත්සන් කොට ත්‍රීවීල් එලවීම හා වෙනත් තැනක වැඩ කිරීම

යනු මොරටුව ජනතාවගේ බදු මුදල් මංකොල්ල කෑම වැනි වූ අති දූෂණයකි ?

මෙය බොහෝ කලාප තුල පරිපාලක හෙවත් වැඩමූලිකයා දැනුවත්ව සිදු කරනා දූෂණයකි .

මේ පිළිබඳව සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රීවරයා ගෙන ආ එම ආමි නේවි වැලකීමේ යෝජනාව පැහැදිලි කරමින් මෙය වැලැක්වීමට නොහැකිව ඇත්තේ මෙම දූෂණයෙ යෙදෙන්නවුනට පරිපාලනයෙන් නිසි ක්‍රියාමාර්ග නොගනිමින් ඔවුන්ට තව දුරටත් මොරටුව ජනතාවගේ මුදල් විනාශ කරන්නට ඉඩ දීමෙන් බවද වැඩිදුරටත් පැහැදිලි කලේය .

කලාප සදහා ඇගිලි සලකුණු යන්ත්‍ර යෙදවිය යුතුයැයි යෝජනා කල අතර  එම යෝජනාව පක්ෂ විපක්ෂ සියල්ලෝ ඒකමතිකව සම්මත කලහ .

මෙ පිළිබඳව නගරාධිපති කේ ඩී නිශාන්ත මහතාද තම අදහස ප්‍රකාශයට පත් කරමින් මෙය බොහෝ කලක් දේශපාලන බලය තම අතට ගත් කීප දෙනෙකු ගේ බලහත්කාරයක් සේ පෙන්වා දුන් අතර එය බොහෝ දුරට මැඩ පවත්වා ඇති නමුත් මෙය කෙටි කලකින් දුරලිය නොහැකි තරමටම එය දුර ගොස් ඇති නිසා මෙම යෝජනාව කාලෝචිත බව හැගෙනා ලෙසින් එම අදහස් ගොණු කලේය .

බොහෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රීධූර දරන්නෝ මෙම යෝජනාව වෙනුවෙන් තම අදහස් ප්‍රකාශ කල අතර මෂීනා බක්කර් මන්ත්‍රීවරිය මේ පිළිබඳව උදාහරණ කොට දක්වමින් දිනක් තමා ඇනවුම් කල ආතනයෙන් ප්‍රවාහනය සඳහා රෝහලක සිට ත්‍රිරෝද රියකින් ගෙනා රියදුරාද මෙසේ මොමනස හි සේවය කරන්නෙකු වීම නිසා වැඩ කරනා වේලාවේදී එය කෙසේ සිදුවන්නේදැයි තමා මහත් විමතියට පත්වූ බවද පැවසීය

මේ අනුව මෙම යෝජනාව ඒකච්චන්දයෙන් සම්මත වූ අතර පුරෝගාමියා බලා සිටින්නේ ඒකමතික සම්මතයෙන් නගර සභා ආමි නේවි චකබ්ලාස් වෙයිද ? යන සිතුවිල්ලෙන් බවද පැවසිය යුතුය !

 

Be the first to comment

Leave a Reply