අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට එරෙහිව මොරටුව මහා නගර සභාවේ ප්‍රතිපක්ෂ කළුපටි විරෝධතාවය ! ( වීඩියෝව )

මොරටුව මහා නගර සභාවේ මාසික සබා වාරය පැවැත්වෙන අද ( 04 ) දා එහි ප්‍රතිපක්ෂයේ බහුතර මන්ත්‍රී කණ්ඩායම මෙසේ කලු පටි පැළඳ මොරටුව මහා නගර සභා පරිශ්‍රය ඉදිරියේදී විරෝධතාවයක නිරත වීය .

එහිදී ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතා ප්‍රකාශයක් කරමින් තම කණ්ඩායම කිසිදු විටක හොරු අල්ලනවාට හෝ අන් දූෂණ හෙළි කරනවාට කිසිදු විරුද්ධතාවයක් නොදක්වන නමුත් මාලිමාවේ මොරටුව ආසන සංවිධායක වරයා වූ වත්මනෙහි අධිකරණ ඇමතිවරයා වන හර්ෂණ නානායක්කාර මහතා ගේ ළදරු වෘතය මොරටුවේ පෙර සිටි ගරු අමාත්‍යවරුනට කරනා අගරුවක් වන බැවින් අධිකරණයට සිදු කරන්නට යන දේශපාලනික වෙනස්කම්  තුල ගරු විනිසුරන්ගේ විශ්‍රාම කාලය වැඩි කිරීම අනුමත නොකරන නිසාම මෙසේ කලු පටි පැළඳ මෙසේ මෙම විරෝධතාවය බල ගන්වන බව පැවසීය .

එහිදී තම අදහස් පැවසූ මොරටුව මහා නගර සභාවේ සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රී වරයා ද හර්ෂණ බබා ගේ මෙම දුර්වල පාලනය නිසා මේ වන විට බන්ධනාගාර දෙකක විශාල ලෙසින් ඝාතන හා තුවිල සිදුවීම් සිදුවූ බවත් මොවුන්ගේ අදමිටු පාලනය නිසා සොබා දහම පවා උරණ වී රටට වින කරනා බවත් උදාහරණ කොට දක්වමින් එනිසාම මෙම කළුපටි විරෝධතාවය මෙසේ පනගැන්වූ බවද ප්‍රකාශ කලේය .

Be the first to comment

Leave a Reply