
සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාගේ හා මොරටුව සමගි ජන බලවේගයේ මොමනස මන්ත්‍රිකණ්ඩායමේ සංවිධායකත්වයෙන් අද දිනදී මොරටුව මෝල්පේ පොල භුමිය ආසන්නයේ දී අත්සන් එකතු කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වුණි .
එය අධිකරණයට අත නොතබනු ! ලෙසින් නම් කර තිබුණි .
මෙම අත්සන් එකතු කිරීම වත්මන් මාලිමා රජය විසින් දේශපාලන වාසි තකා විනිසුරුවන්ගේ විශ්‍රාම ගැනීමේ කාලය දීර්ඝ කිරීමට එරෙහිව වන ව්‍යාපාරයක් වූ අතර මෙයට ප්‍රධාන ආරාධිතයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන එස් එම් මරික්කාර් මහතාද සහභාගී විය .
මෙහිදී බොහෝ පිරිසක් තම අත්සන් තබමින් දායක වූ අතර මෙම මාලිමා රජය දැන් කල යුත්තේ තමන්ගේ තරම දැනගැනීමට ලිට්මස් පරික්ෂාවක් කර ගැනීම බව මෙහිදී තම අදහස් තුලින් එස් එම් මරික්කාර් මහතා පැවසූ අතර එම ලිට්මස් පරික්ෂාව වන්නේ පලාත් සභා ඡන්දය බවද පැවසීය .
මෙහිදී මොරටුව සමගි ජන බලවේගයේ මොරටුව සංවිධායක මොමනස ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතාද තම අදහස් පලකල අතර සමගි ජන බලවේගයේ කිසිවකුත් හොරු අල්ලනවාට හෝ වෙනත් දූෂණ වලට එරෙහිව මෙම රජය ක්‍රියා කිරීමට විරුද්ධ නොවනා නමුත් බොරු හේතු පෙන්වමින් මෙම රජය දේශපාලන වාසි ලබා ගැනීමට මෙසේ අධීකරණයට අත තැබීම නවත්වා දැමිය යුතු යැයිද පැවසීය .
එම අත්සන් එකත් කිරීමේ ව්‍යාපාරයේ දසුන් හා පුකාශ ඇතුලත් වීඩියෝව මෙසේය …..




Be the first to comment