මොමනස කඩලාන ඩික්සන් ජේ ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු අරඹයි !

කඩලාන ඩික්සන් ජේ ක්‍රීඩාංගනයේ නඩත්තු කටයුතු ඉටු නොවීම හා එය විනාශයට පත්වීම ගැන පුරෝගාමියා එය ගොඩනැගුමේ මූලිකයෙකු හා මොරටුව ජේෂ්ඨ මන්ත්‍රීවරයෙකු වූ ප්‍රියනාත් මෙන්ඩිස් මහතා වෙතින් හා කඩලාන දේශපාලනයේ නියැලි තිසර මෙන්ඩිස් මහතා වෙතිනි විමසීමක් කරනු ලැබූයෙමු .

එහිදී හෙලිවූ කරුණු මෙම ලින්කයෙන් බලා ගත හැකිය ….. https://l1nq.com/1mep7wa

ඒ නිසාමදෝ අද දිනදී එහි නඩත්තු කටයුතු මෙසේ ඇරඹි අතර ඒ පිලිබදව ප්‍රියානාත් මෙන්ඩිස් මන්ත්‍රීවරයා ගේ දැනුවත් කිරීමෙන් එහි ගිය පුරෝගාමියි එම කටයුතු අරම්භ කර ඇති බව දුටුවේ මෙසේය .

එසේම ලද තොරතුරු අනුව මෙම ක්‍රීඩාංගනය තම පෞද්ගලික ප්‍රයෝජනයට ගනු ලබන්නෝ විසින් මෙහි ගේට්ටුව ට හානි කොට ඇතැයි පැවසෙන අතර මොමනස වගකිවයුත්තනට මෙසේ මෙම කටයුතු ආරම්භ කිරීම පිළිබඳව අපෙ ස්තූතිය හිමිකරනා අතර මෙය පොදු වස්තුවක් වන බැවින් නඩත්තු කටයුතු සේම එහි ආරක්ෂාව පිළීබඳවද සැලකිලිමත් වන්නැයි මෙසේ ඉල්ලා සිටින්නෙමු .

Be the first to comment

Leave a Reply