සතොසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක මිල පහතට !

මහජනතාවට සහන සැපයීමේ අරමුණින්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 11ක මිල පහත දමා ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් හරහා අද (24) සිට මෙම භාණ්ඩ අඩුකළ නව මිල ගණන් යටතේ මිලදී ගත හැකිය.

මිල අඩු කරන ලද භාණ්ඩ සහ නව මිල ගණන්:

  • රතු ලූනු (කිලෝවක්): රුපියල් 450.00 සිට රුපියල් 379.00 දක්වා

  • රතු පරිප්පු (කිලෝවක්): රුපියල් 245.00 සිට රුපියල් 227.00 දක්වා

  • කඩල (කිලෝවක්): රුපියල් 337.00 සිට රුපියල් 329.00 දක්වා

  • රතු කැකුළු සහල් (කිලෝවක්): රුපියල් 179.00 සිට රුපියල් 173.00 දක්වා

  • බී ලූනු – ඉන්දියන් (කිලෝවක්): රුපියල් 265.00 සිට රුපියල් 259.00 දක්වා

  • අර්තාපල් – දේශීය (කිලෝවක්): රුපියල් 355.00 සිට රුපියල් 349.00 දක්වා

  • නාඩු සහල් – දේශීය (කිලෝවක්): රුපියල් 204.00 සිට රුපියල් 199.00 දක්වා

  • සුදු සීනි (කිලෝවක්): රුපියල් 217.00 සිට රුපියල් 214.00 දක්වා

  • පාන් පිටි (කිලෝවක්): රුපියල් 159.00 සිට රුපියල් 158.00 දක්වා

  • ටින් මාළු (ග්‍රෑම් 425): රුපියල් 480.00 සිට රුපියල් 473.00 දක්වා

  • ටින් මාළු (ග්‍රෑම් 155): රුපියල් 240.00 සිට රුපියල් 235.00 දක්වා

 

Prices of 11 Essential Food Items Reduced at Sathosa!

With the objective of providing relief to the public and under the instructions of the Ministry of Trade, Commerce, Food Security, and Cooperative Development, Lanka Sathosa has reduced the prices of 11 essential consumer goods. Accordingly, these items can be purchased at the newly reduced prices across all Sathosa outlets island-wide starting today (24).

Price-Reduced Items and New Prices:

  • Red Onions (1 kg): From Rs. 450.00 to Rs. 379.00

  • Red Lentils (1 kg): From Rs. 245.00 to Rs. 227.00

  • Chickpeas (1 kg): From Rs. 337.00 to Rs. 329.00

  • Red Raw Rice (1 kg): From Rs. 179.00 to Rs. 173.00

  • Big Onions – Indian (1 kg): From Rs. 265.00 to Rs. 259.00

  • Potatoes – Local (1 kg): From Rs. 355.00 to Rs. 349.00

  • Nadu Rice – Local (1 kg): From Rs. 204.00 to Rs. 199.00

  • White Sugar (1 kg): From Rs. 217.00 to Rs. 214.00

  • Wheat Flour (1 kg): From Rs. 159.00 to Rs. 158.00

  • Canned Fish (425 g): From Rs. 480.00 to Rs. 473.00

  • Canned Fish (155 g): From Rs. 240.00 to Rs. 235.00

Be the first to comment

Leave a Reply