
රත්නපුර, ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක තනිවම පදිංචිව සිටි 32 හැවිරිදි ගමගේ නිසංසලා සඳමාලි නැමැති තරුණියක ඇගේ නිදන ඇඳ මත සැකකටයුතු ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ. ඇය මීට පෙර වසරක ප්‍රදේශයේ අවුරුදු කුමාරිය ලෙස කිරුළු පැළඳි තරුණියකි.
සොයාගන්නා අවස්ථාවේදී ඇගේ සිරුරේ උඩුකයට පමණක් ටී-ෂර්ට් එකක් හැඳ සිටි අතර, යටිකය නිරුවත් ව පැවතීම හේතුවෙන් මෙය ඝාතනයක් හෝ අපරාධයක් බවට දැඩි සැකයක් මතුව ඇත. රත්නපුර පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මියගිය තරුණිය කලක පටන් මෙම නිවසේ තනිවම ජීවත් වී ඇති අතර, ඇය සාමාන්‍යයෙන් නිවසේ ප්‍රධාන දොර නිතරම වසා තබා ඇත.
ඉකුත් 7 වැනිදා සිට නිවසේ ප්‍රධාන දොර දිගින් දිගටම විවෘතව පවතිනු දුටු අසල්වැසියන් ඒ පිළිබඳව සැක සිතී පොලිසියට දැනුම් දී තිබේ.
ඒ අනුව පැමිණි පොලිස් නිලධාරීන් නිවස පරීක්ෂා කිරීමේදී ඇඳ මත තිබී ඇගේ අප්‍රාණික සිරුර සොයාගෙන ඇත.
ලංකාවේ මෙවැනි මරණවල වැඩිවීමක්
මෑතකාලීනව ශ්‍රී ලංකාව තුළ මෙලෙස තනිවම පදිංචිව සිටින කාන්තාවන් සහ තරුණියන් ඉලක්ක කර ගනිමින් සිදුවන අභිරහස් ඝාතන සහ මරණවල කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම ආරක්ෂාව අඩු, හුදකලා නිවාසවල වෙසෙන කාන්තාවන් විවිධ සාපරාධී ක්‍රියාවලට, ලිංගික අතවරයන්ට හෝ මංකොල්ලකෑම්වලට ලක්ව ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිගින් දිගටම වාර්තා වෙමින් පවතී. මෙම තත්ත්වය සමාජය තුළ කාන්තා ආරක්ෂාව පිළිබඳ බරපතළ කතාබහක් සහ දැඩි බියක් ඇති කිරීමට හේතු වී තිබේ.

Be the first to comment