
පසුගියදා පුරෝගාමියා කැඳවමින් ප්රකාශ කීපයක් සිදුකල මොරටුව මහා නගර සභාවේ හිටපු නගරාධිපති පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් සංවිධායක සමන්ලාල් ප්රනාන්දු මහතා පුරෝගාමියා පුවත් වෙබ් අඩවියේ ප්රසිද්ධ කල සම්මුඛ සාකච්ඡා හි ප්රකාශ වූ සිදුවීම් පැහැදිලි කරමින් එසේ පැවසීය .
එහිදී එකින් එක ගෙන පැහැදිලි කරමින් තමන් නගරාධිපති සේ කටයුුතු කල සමයේ තනිව අත්සන් තබා ඇතැයි මාලිමාවේ සුදේශ් ඉන්ද්රජිත් මන්ත්රීවරයා කල ප්රකාශය ඔහු කියනා පරිදි සිදුවූවක් නොවනා බව පැවසූ හිටපු නගරාධිපතිවරයා ඒ සියල්ල තමා විසින් සිදුකලේ නීතිමය ලෙසින් බවත් ඒවා සිදුකල අයුරු පහදමින් ඊට අදාල ලිපිලේඛන ශාක්ෂි සේ පුරෝගාමියා වෙත ඉදිරිපත් කලේය .
මෙම චෝදනාව අනුව එවැනි අනුමත කිරීම් එකක් නොවනා බවත් එවැනි බොහෝ දේ නගරසභාවේ ඇති බවත් පැවසූ හිටපු නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු මහතා තමා විසින් දූෂණයන් සිදුවීමට ඉඩ නොතබමින් එහිදී ක්රියාකල ආකාරය ගැන එක් මහතෙක් හොදින්ම දන්නා බවත් ඔහුව හෙලි නොකරන නමුත් ඔහු එය කෙසේ සිදු කලේද යන්න දන්නා නිසාම ඔහු කැමති නම් පුරෝගාමියා වෙත එය ප්රකාශ කරන්නැයිද ඉල්ලා සිටියේය .
එම කරුණ පමණක් නොව තවත් මාතෘකා කීපයක් ගෙන ඒ පිළිබඳව මොරටුව හිටපු නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු මහතා පුරෝගාමියාට සිදුකල ප්රකාශයේ පළමු කොටස මෙසේය …..




Be the first to comment