අඟුලාන ආදාහනාගාරය නිලධාරීන්ගේ වැරදි නිසා තාමත් කොටඋඩ ? සල්ලි වෙන්කරත් ටෙන්ඩර් අවුල ගේමක් නිසාද ? පුරෝගාමියා ප්‍රශ්ණ කරයි ?

මොරටුව මහා නගර සභාවේ අගුලාන කොට්ඨාෂයට පත්වූ බොහෝ මන්ත්‍රීවරුන් සිටියද වසර ගණනක් ම අඟුලානේ අදාහනාගාරය අලුත්වැඩියා නොකිරීම ගැන මැසිවිලි නැගූ එකම මන්ත්‍රී වරයා වූයේ සර්වජන බලයේ සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයාය .

ඔහු පුරෝගාමියා එම ආදාහනාගාරය වෙතම කැඳවා ගොස් මොමනස නගරාධිපතිවරයා එය අලුත් වැඩියාවට ලක්ෂ 15 ක් වෙන්කර දුන් නමුත් පසුව එහි යම් උපකරණ ගලවා ගෙනගොස් කොරළවැල්ල ආදාහනාගාරයට සවිකිරීමෙන් මොරටුව මහා නගර සභාව අගුලාන ජනතාව නොතකා හැර ඇතැයි ද චෝදනා කරනු ලැබුවේ වරක් දෙවරක් නොවේ .

මේ චෝදනාව නිසාමදෝ මෙවර මොමනස නගරාධිපතිවරයා විසින් රුපියල් ලක්ෂ හතලිහක් අගුලාන ආදාහනාගාරය නැවතත් අලුත්වැඩියාවට වෙන්කර දී තිබෙයි .

මේ හේතුව නිසාම විපක්ෂයේ වන සර්ජවන බලය මාලිමාවට කඩේ යන නිසා මෙසේ මුදල් වෙන්කර ඇතැයි කීවද පුරෝගාමියාගේ විශ්වාසය වන්නේ එය එසේ නොවනා නොනවත්වාම සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීවරයාගේ චෝදනා නිසාම මෙසේ වූ බවය .

කෙසේ වෙතත් එසේ මුදල් වෙන්කිරීම අගයන පුරෝගාමියාට මෙදා ලැබී ඇති විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසන්නේ මොරටුව මහා නගර සභාවේ ටෙන්ඩර් සඳහා වගකිවයුතු නිලධාරීන් ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපයන් නිසා එසේ වෙන්කල මුදලින් එම ආදාහනාගාරය අලුත්වැඩියාව තවමත් දිනෙන් දින කල් යමින් තවමත් *කොට උඩ * බවය .

ටෙන්ඩර් කැඳවීමේදී මොරටුව මහා නගර සභාවේ ලියාපදිංචි කොන්ත්‍රාත් කරුවන්ගේ ලිපිනය පවා හරි හැටි සඳහන් නොකරමින් ටෙන්ඩර් කැඳවා තිබීම මෙම කරුණ ක්‍රියාත්මක නොවීමේ පළමු නිලධාරී වගකීම් පැහැර හැරීම වන අතර ඉන් පසුව එම ආදාහනාගාරය පරික්ෂා කිරීමට ටෙන්ඩර් කරුවන් ඉල්ලා සිටිද්දී එහි යතුර නැතිවී ඇතැයි යන කරුණ ද මෙම නිලධාරීන් පැවසීම මෙම ටෙන්ඩරය තවත් එක් ගේම් එකක්ද යන්න සැක කිරීමට හේතුවක් ව තිබෙයි .

අවසන් දිනයක් යොදා ටෙන්ඩර් කැදවා ඒ කාලය තුල ටෙන්ඩර් කරුවන් එම ස්ථානය පරික්ෂා කිරීමට ඉල්ලුම් කල විට යතුර කැතිවෙලා යැයි කියනා තරම්ම මොරටුව මහා නගර සභාවේ නිලධාරීන් වගකීම් විරහිත වීම වහාම නගරාධිපතිතුමාගේ අවධානයට ලක්විය යුතු බව පුරෝගාමියා  මෙසේ  පෙන්වා දෙන්නේ ඒ නිසාමය

ඉන් පසුව වුවද මෙම ආදාහනාගාරය පිළිබඳව යලිත් ටෙන්ඩර් අවසන් කිරීමේ දිනය කල් දැමූ බවට වූ සාකච්ඡාවේදී ඊට පක්ෂව හා විරුද්ධව ටෙන්ඩර් කරුවන් විසින් ප්‍රකාශ කිරීම ද මෙය අත් වැරදීමක් නොව මොරටුව මහා නගර සභාවේ වගකිවයුතු නිලධාරින්ගේ ගේමෙහිම කොටසක් ද බවටද සැක නොකිරීමට කිසිදු හේතුවක් ඇත්තේ නැත .

විපක්ෂයේ යෝජනාවක් වුවද එහි බේදයක් නොබලා පෙර සිදුවූ වරද නිවැරදි කරමින් මොරටුව මහා නගර සභාවේ නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා රුපියල් ලක්ෂ 40 ක් වෙන්කර දුන්නද මෙතෙක් අඩුම ගණනේ ටෙන්ඩරය පවා කැඳවා අවසන් තීරණයක් ගැනීමට නොැහකිව තම වැරදි නිසාම ලතවන නිලධාරීන් මෙ පිළිබඳව පැහැදිලි කල යුතුව තිබෙයි .

එසේම මේ ගැන නොමද වෙහෙසක් ගෙන ක්‍රියාකල මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ප්‍රේමකුමාර මහතා මේ පිළිබඳව තම අවධානය පෙරට වඩා යොමුකල යුතුමය . මන්ද යත් බොහෝ චෝදනා මැද වෙන්කල මුදලින් ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය ගේමක් බව පුරෝගාමියාගේ සැකය වන බැවින් මෙසේ මහජන අවශ්‍යතාවන්ට නිසි ලෙස ක්‍රියා නොකරමින් වගකීම් විරහිතව ක්‍රියා කර ඇත්තේ කවුරුන්දැයි සොයා බලා පියවර ගැනීම මොරටුව මහා නගර සභාවේ නගරාධිපතිවරයාගේ වගකීම හා යුතුකම ද වෙයි !

සුරේෂ් ප්‍රේමකුමාර මන්ත්‍රීතුමණි .. ගරු නගරාධිපතිතුමණි මේ ඔබ දෙදෙනාගේ අවධානයටයි !

Be the first to comment

Leave a Reply