ඥානසාර හිමිගේ චීවරය ගැලවීම මාලිමාව බලයට ගෙනා ඇමරිකාව හා කොටි ඩයස්පෝරාව සතුටු කරන්න කළ වැඩක් – මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ චීවරය ගලවා ගිහි ඇඳුමින් ඉදිරිපත් කිරීමේ සිද්ධිය පිටුපස විශාල දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව මොරටුව මහා නගර සභා මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා පවසයි. ඒ මහතා මේ බව සදහන් කළේ ‘පුරෝගාමියා’ වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙම සිදුවීම කිසිසේත්ම අහම්බයක් නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, මැතිවරණ සමයේ නොයෙක් පොරොන්දු දෙමින් බලය ලබාගත් වත්මන් මාලිමා රජය, තමන්ව බලයට පත් කිරීමට උපකාර කළ ඇමරිකානු බලවේග සහ ජාත්‍යන්තර කොටි ඩයස්පෝරාව සතුටු කිරීම සඳහා මෙම නින්දිත ක්‍රියාව සිදුකර ඇති බවට චෝදනා කළේය. වත්මන් රජය ක්‍රියා කරන්නේ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට නොව, බෞද්ධ අනන්‍යතාවය ඉලක්ක කර ගනිමින් ජාතීන් අතර වෛරය වැපිරීමට බවද ඔහු මෙහිදී පැහැදිලි කළේය.

භික්ෂුභාවය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සංඝ සභාවටයි

භික්ෂුවකගේ ශාසනික අයිතිවාසිකම් සහ භික්ෂුභාවය පිළිබඳව තීරණ ගැනීමේ නීත්‍යානුකූල සහ පරම අයිතිය පවතින්නේ අදාළ නිකායන්හි මහා සංඝ සභාවලට පමණක් වන නිසා  දේශපාලන පළිගැනීම් සහ ජාත්‍යන්තර වුවමනාවන් මත බන්ධනාගාර නීති හෝ පරිපාලන රීති උපයෝගී කරගනිමින් භික්ෂූන් වහන්සේලා  මෙලෙස අවමානයට ලක් කිරීම බරපතළ තත්ත්වයක් බව මන්ත්‍රීවරයා  වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ පිළිබඳ මාලිමාවේ බොහෝ  ක්‍රියාවන් උදාහරණ කොට පෙන්වා දෙමිනි .

මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සංඝ අරගලයක්

වත්මන් රජයේ මෙම ශාසන විරෝධී සහ අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව රට පුරා මහා සංඝරත්නය පෙරට පැමිණ ඇති අතර මේ වන විට මහා සංඝරත්නය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කඳවුරු බඳිමින් සිදු කරන අඛණ්ඩ විරෝධතාවය සහ ශාසනික අරගලය ඊට කදිම සාක්ෂියක් බව ද පුරෝගාමියාගේ අදහස වෙයි

‘පුරෝගාමියා‘ නිරීක්ෂණය:

මෙලෙස මහා සංඝරත්නය එකා මෙන් පෙළගැසෙමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පවත්වන සංඝ උපවාස සහ විරෝධතා ව්‍යාපාර මඟින් වත්මන් පාලකයන්ට  පණිවිඩයක් ලබා දෙයි. එනම්, බුද්ධ ශාසනයට සහ මහා සංඝරත්නයට එල්ල වන ඕනෑම ආකාරයක  ප්‍රහාරයන් හමුවේ බහුතර සංඝ සමාජය  ඊට එරෙහිව මෙසේ වන බවයි. පාලකයන් කුමන මර්දනකාරී හෝ ජාත්‍යන්තර බලපෑම් මත ක්‍රියා කළද, එය රටේ නීතිය යැයි කීවද රටේ ශාසනික උරුමය වෙනුවෙන් මහා සංඝරත්නය පෙරට ඒම දේශපාලන වුවමනාවක් බව රජය ප්‍රකාශ කලද එය රටේ සමාජයේ ආගමික දෘෂ්ඨිය වෙනතක වන බැවින් එය එයින් පමණක් වළකාලිය නොහැකි බවද මෙමඟින් මැනවින් සනාථ වේ.

මේ තුල මෙතෙක් නීතිය රකිනවායැයි සපත කරමින් සිටිනා මාලිමාවේ බොහෝ තීරණ මත එම මතය හෝ  සංඝ බලපෑම ජයගෙන නීතියට කුමක් වන්නේදැයි රටේ ජනතාව මහත් උනන්දුවෙන් බලා සිටිනා බව නම් නොරහසකි . මේ නිසාම මීට පක්ෂ හා විපක්ෂ ලෙසින් බොහෝ කරුණු සමාජ ජාලා තුල පැතිරී යයි .

මේ නිසාම මෙම ගැටලුව හමුවේ මාලිමාවේ නායක ජනපති අනුර කුමාර දිසානයක මහතා පත්ව ඇත්තේ මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී කියනා තත්වයටම විම අවබෝධ  කර ගැනීමට කිසිවකුටත් මේ තුලින් නොහැකි වන්නේ නම් නැත

පුරෝගාමියා

 

Be the first to comment

Leave a Reply