ඒකමතික සභා සම්මතයේ වත්මන් නගරාධිපති නිශාන්ත ප්‍රදිනාන්දුත් හිටියා ! නිලධාරිවාදයට ජනතාව යට නොකරන්න – හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා කියයි

පසුගියදා පුරෝගාමියා ප්‍රසිද්ධ කල සම්මුඛ සාකච්ඡාවකින් හෙළිදරව් කෙරුණේ මොරටුව මහා නගර සබා රැස්වීමකදී එහි මන්ත්‍රීවරයෙක් වූ සුදේශ් ඉන්ද්‍රජිත් මහතා විසින් මතුකල කරුණක් වූ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා අනීතිකව තනිවම අත්සන් කොට සැලසුම් අනුමත කිරීමක් පිළිබඳව ඒ මහතාගේ පැහැදිලි කිරීමකි .

එය නැරඹු අයෙකු විසින් පුරෝගාමියා වෙත යොමු කල විස්තරයකින් කියැවුනේ ඔහු විසින් තම අනුමත සැලසුමක සහතික පිටපත් ගන්නට මොමනස වෙත ගොස් මුදල්ද ගෙවා ඉල්ලුම් කිරීමේදී කොමසාරස්තුමිය විසින් එම පිටපත් නගර සභාව සතුව ඇතත් ඒම සැලසුම හිටපු නගරාධීපතිවරයා පමණක් අත්සන් කොට  තිබීම නිසා එසේ සහතික පිටපතක් නිකුත් කල නොහැකි බවකි .

මෙය මෙම මොරටු පුරවැසියා මහත් සේ පීඩනයකට ලක් කල කරුණක් වන නිසාම එසේ තනිවම අත්සන් කිරීම පිළිබඳ නීතිමය තත්වයන් කෙසේ වුවද මෙදා එසේ අනුමත කොට දුන් එම සැලසුම අනුව සියලු කටයුතු සිදුව තිබියදී මෙදා එය අනීතික බව හෝ වෙනත් කරුණු මත නැවත සහතික පිටපතක් නිකුත් කිරීමට නොහැකි බව ප්‍රකාශ කිරීම සැබවින්ම නීතිමය තත්වයන් විසදා ගැනීම කල යුතු අය සොයා එසේ නීතිමය ලෙසින් නොවිමසා එහි දඩුවම මෙම කරුණු කිසිවක් නොදන්නා මොරටු ජනයාට පැවරීමකි .

මේ නිසාම පුරෝගාමියා විසින් මෙම අකටයුත්ත මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගෙන් විමසූ අතර ඔහු ඒ පිළීබඳව පැහැදිලි කරමින් ඊට අදාල ලිපි ලේඛන පෙන්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම කරුණ වත්මන් නගරාධිපතිවරයාද නියෝජ්‍ය නගරාධිපතිතුමියද මෙම ප්‍රශ්ණය මතුකල සුදේශ් ඉන්ද්‍රජිත් මන්ත්‍රීවරයාද රංගන ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද සහභාගිවූ මහා සභාවකදී ඒකමතිකව සම්මත කල බවකි . එහිදී මෙයට විරුද්ධව කිසිදු ප්‍රශ්ණ කිරීමක් නොකල වත්මන් නගරාධිපතිවරයා මෙදා මෙසේ මොමනස නිළධාරීන්ට කටයුතු කිරීමට ඉඩදීම ඔහු නිලධාරීවාදයට යටවී ඇති සෙයක් මොරටුව මහා නගර සභාවතුලදී පෙන්නුම් කරනා බවකි .

මේ පිළිබඳව ප්‍රශ්ණ කරමින් හා එවැනි වරදක් සිදුව ඇතිනම් අදාල අය ඒ වෙනුවෙන් හසුකර නොගනිමින් මෙසේ මොරටු පුරවැසියන් පෙලීම අසාධාරණ බව පේනවා දෙමින් පුරෝගාමියා විසින් මොරටුව හිටපු නගරාධීපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා හා සිදුකල සම්මුඛ සාකච්ඡාව මෙසේය ….

 

 

Be the first to comment

Leave a Reply