අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ගම්මන්පිල – විමල් සහ දිලිත් ඇතුළු 6 දෙනෙකුට අභියාචනාධිකරණයෙන් නඩු පැවරීමට නියෝග

පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, (විශ්‍රාමික) මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව පැවති විරෝධතා සහ සත්‍යග්‍රහ අතරතුරදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් අදහස් දැක්වූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් 6 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පවරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.

නඩුවට මුල් වූ පසුබිම සහ CID විමර්ශන

පසුගිය ජූලි 07 සහ 15 අතර කාලය තුළ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණේ සුරේෂ් සලේ මහතාගේ අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමිනි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අධිකරණයට ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී තිබුණේ, අදාළ පිරිස මාධ්‍ය සාකච්ඡා පවත්වමින් සහ විරෝධතා අතරතුර ප්‍රකාශ නිකුත් කරමින් යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය කෙරෙහි මහජන අප්‍රසාදය හා සැකය ඇති කිරීමට උත්සාහ කර ඇති බවයි.

විශේෂයෙන්ම, ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය යටතේ CID භාරයේ රඳවා සිටි සැකකාර සුරේෂ් සලේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ‘වධකාගාරයක්’ ලෙස හුවා දැක්වීමට කටයුතු කර ඇති බවත්, එම අවස්ථාවේ සැකකරු කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මහජනතාව නොමඟ යවන ප්‍රකාශ සිදු කර ඇති බවත් පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට දන්වා සිටියේය.

සාක්ෂි ලෙස සැලකිල්ලට ගත් වීඩියෝ දර්ශන

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ අවසරය මත ප්‍රධාන මාධ්‍ය ආයතන දහයකින් අදාළ පුද්ගලයින් විසින් සිදු කරන ලද ප්‍රකාශ ඇතුළත් සංස්කරණය නොකළ මුල් වීඩියෝ දර්ශන ලබාගෙන පරීක්ෂා කර ඇත. එම දර්ශන සවිස්තරාත්මකව පරික්ෂා කිරීමේදී, සැකකරුවන් විසින් අධිකරණ ක්‍රමය සහ නීතියේ ආධිපත්‍යය විවේචනය වන අන්දමින් ප්‍රසිද්ධියේ අදහස් පළ කර ඇති බව බැලූ බැල්මට පෙනී යන්නක් බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

නඩු පැවරීමට නියමිත පිරිස

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ නඩු පවරන ලෙස නියෝග කර ඇත්තේ පහත සඳහන් පුද්ගලයින්ටය:

  • විමල් වීරවංශ (හිටපු අමාත්‍යවරයා)

  • උදය ගම්මන්පිල (හිටපු අමාත්‍යවරයා)

  • දිලිත් ජයවීර (පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා)

  • සුගීෂ්වර බණ්ඩාර

  • අසංක නවරත්න

  • මහින්ද පතිරණ

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම සහ ඉදිරිපත් වූ සියලු කරුණු හා මූලික සාක්ෂි සැලකිල්ලට ගනිමින්, අදාළ පුද්ගලයින් අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කර ඇති බවට මතුපිටින් පෙනී යන බැවින්, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කර තිබේ.

Order to File Cases in the Court of Appeal Against 6 Individuals, Including Gammanpila and Dilith, for Contempt of Court

The Colombo Fort Magistrate, Pasan Amarasinghe, has ordered that legal action be instituted in the Court of Appeal against six political activists, including former ministers and Members of Parliament, on charges of making statements that criticized the judicial process during protests and sat-in demonstrations. These protests were held against the arrest and detention of retired Major General Suresh Saley, the former head of the State Intelligence Service, who is currently being questioned in connection with the Easter Sunday attacks.

Background of the Case and CID Investigations

The sat-in protest was organized opposite the Colombo Fort Railway Station between July 7 and 15, demanding the release of Suresh Saley. Presenting a progress report to the court regarding the incident, the Criminal Investigation Department (CID) pointed out that the individuals concerned had attempted to create public disrepute and suspicion regarding the administration of justice by holding press conferences and making statements during the protests.

Specifically, the CID inspector informed the court that while the suspect Suresh Saley was being held under CID custody with the approval of the Ministry of Defense, these individuals had portrayed the CID as a “torture chamber” through their media briefings. Furthermore, they had made statements misleading the public at a time when the suspect was receiving treatment under the supervision of specialist doctors at the National Hospital of Colombo.

Video Footage Considered as Evidence

With the court’s permission, unedited original video footage containing the statements made by the individuals was obtained from ten major media outlets and examined. The Magistrate noted that a detailed inspection of these footages prima facie revealed that the suspects had publicly expressed views criticizing the judiciary and the legal system.

Individuals Ordered to Face Charges

The individuals ordered to be prosecuted in the Court of Appeal for contempt of court are:

  • Wimal Weerawansa (Former Minister)

  • Udaya Gammanpila (Former Minister)

  • Dilith Jayeweera (Member of Parliament)

  • Sugheeshwara Bandara

  • Asanka Navaratne

  • Mahinda Pathirana

Considering the request made by the Criminal Investigation Department and all the facts and primary evidence presented, the Magistrate issued this directive stating that it is prima facie evident that the individuals had made statements amounting to contempt of court.

Be the first to comment

Leave a Reply