
දිවයින පුරා හිංසනයට හා අපයෝජනයට ලක්වූ දරුවන් 46,000ක් තමන්ට නීතියෙන් යුක්තිය ඉටුවන තෙක් බලා සිටින බවත්, ඒ වෙනුවෙන් රජය ප්‍රමාදයකින් තොරව කඩිනමින් ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.
අද දින විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මතු වී ඇති ළමා ආරක්ෂාව පිළිබඳ බරපතළ ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු විය.
එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ අදාළ පැමිණිලි විභාග කිරීමේ ප්‍රමාදය හේතුවෙන් වින්දිත දරුවන් තවදුරටත් අගතියට පත්වන බවයි. එම නිසා, මෙම නඩු කටයුතු කඩිනම් කර හිරිහැරයට පත් දරුවන්ට නිසි සාධාරණයක් සහ ආරක්ෂාවක් තහවුරු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Be the first to comment