
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සිසුවෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කර ඔහු විශ්වවිද්‍යාලයෙන් නෙරපා හැරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා.
මෙම සිසුවා ශාස්ත්‍ර පීඨයේ තෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි අතර, විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද තොරතුරු මත විනය පාලක අංශය විසින් නේවාසිකාගාරයේ ඔහුගේ කාමරය පරීක්ෂාවට ලක් කර තිබුණා. එහිදී සැකසහිත මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම මත්ද්‍රව්‍ය කිරා වෙන්කිරීමට භාවිත කරන ඩිජිටල් තරාදියක් සහ රුපියල් 75,000ක මුදලක්ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබූ අතර, ඒ සමඟම විශ්වවිද්‍යාලයද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබුණා.
එම පරීක්ෂණ වාර්තාවට අනුව සිසුවාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට තීරණය කර ඇති අතර, උපකුලපති මහාචාර්ය Terrence Madhujith මහතාගේ නිර්දේශ මත ඒ සම්බන්ධ නිල ලිපියද සිසුවා වෙත භාරදී ඇති බව වාර්තා වේ.

Be the first to comment