
රට තුළ තවමත් බෙදාහරිමින් පවතින්නේ මැදපෙරදිග යුද සමයේ ඉහළ මිලකට ආනයනය කළ ඉන්ධන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කලේය.
ඔහු පෙන්වා දුන්නේ, එම තොග අවසන් වන තුරු වර්තමානයේ ඉන්ධන මිල අඩු කිරීමේ හැකියාවක් නොමැති බවයි.
කෙසේ වෙතත්, ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ දෛනික ජීවිත වියදම් ද ඉහළ ගොස් ඇති අතර, ප්‍රවාහන වියදම් සිට භාණ්ඩ මිල දක්වා සෑම ක්ෂේත්රයකම ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බව ජනතා අදහස්වලින් පෙනී යයි.
මෙවැනි අවස්ථාවක තෙල් මිල පහළ දැමීම වෙනුවට පැරණි තොග හේතුවක් ලෙස ඉදිරිපත් කිරීම අසාධාරණ බවත්, එහි බර සාමාන්‍ය ජනතාවට පමණක් පැවරීම අයුතු බවත් විවිධ පාර්ශ්ව චෝදනා කරයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී අඩු මිලට ආනයනය කරන ඉන්ධන සඳහා ජනතාවට සහනයක් ලබාදීම අනිවාර්යයෙන් සිදුකරන බවයි.

Be the first to comment