
අද වන විට රටේ නීතිය හා සාමය සුරැකිය යුතු පොලීසිය පිළිබඳව ජනතාව අතර ඇත්තේ එතරම් පැහැදිලි ප්‍රතිරූපයක් නොවේ. “පොලීසිය වල් වැදී නම් අපි කාට කියමුද ඒ අමාරුව?” යන්න මෑතකදී ගම්පහ අධිකරණයෙන් වාර්තා වූ අපූරු සිදුවීමකින් යළිත් වරක් තහවුරු වී තිබීම නිසා එම තොරතුරු ඇසුරින් ලියවෙන්නකි .
මෙය හුදෙක් සාමාන්‍ය නඩුවක් නොව, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පොලිස්පතිවරයාට එරෙහිව ක්‍රියාත්මක වූ දැවැන්ත නීතිමය සටනකි. ඒ අපූරු සිදුවීමේ සාරාංශය මෙසේය :
මේ වැනි සිදුවීම් හමුවේ රටම නාඩගමක් සේ වී ඇති නිසාම …..
1. මේ නාටකයේ ප්‍රධාන චරිත වන්නේ
චාමර: දෙවොලපොල මාකන්දන ප්‍රදේශයේ පදිංචි සාමාන්‍ය තරුණයෙක්.
ගම්පහ දූෂණ මර්දන ඒකකය: චාමරට එරෙහිව නඩු පැවරූ පොලිස් කණ්ඩායම.
ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න: මෙම නාට්‍යයේ සැබෑ ‘ වීරයා ‘.
පොලිස්පති: අධිකරණ නියෝග නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දැන් බරපතල අමාරුවක වැටී සිටින පොලිසියේ ලොකුම ලොක්කා .
2. මොකද ඇත්තටම වෙලා තියෙන්නේ?
ගම්පහ පොලීසිය විසින් චාමරට එරෙහිව එකම දිනක (මැයි 06 වැනිදා ආසන්නයේ) බරපතල චෝදනා සහිත නඩු දෙකක් පවරා තිබුණි:
නඩු අංක 1743: අස්ගිරිය හන්දියේදී අයිස් (ICE) මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් ග්‍රෑම් 0.5ක් (මිලිග්‍රෑම් 500ක්) ළඟ තබා ගැනීම.
නඩු අංක 1744: ගම්පහ ප්‍රදේශයේදී තවත් අයිස් මිලිග්‍රෑම් 130ක් ළඟ තබා ගැනීම.
කෙසේ වෙතත්, අධිකරණය මේ පිළිබඳව ගැඹුරින් සොයා බැලීමේදී අනාවරණ වූයේ මේ නඩු සත්‍ය වශයෙන්ම අසත්‍ය චෝදනා (බොරු නඩු) බවයි. රජයේ රස පරීක්ෂක වාර්තාවල සඳහන්වී ඇත්තේ පොලිසිය පවසනවාට වඩා ඉතා අවම ප්‍රමාණයක් බවත්, නඩු සංඛ්‍යාව වැඩි කර පෙන්වීම සඳහා මෙලෙස ප්‍රමාණයන් කැබලි කර අසත්‍ය නඩු ගොතා ඇති බවත් එහිදී හෙළි විය.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙස පෙන්වා දී ඇත්තේ, “මේක අහිංසක මිනිහෙක්ව අමාරුවේ දමන්නට පොලීසිය ගොතා කල වැඩක් “ බවයි.
3. මහේස්ත්‍රාත්වරයා දුන් දැඩි දඬුවම් හා නියෝග
මෙම අසාධාරණය හමුවේ මහේස්ත්‍රාත්වරයා වැදගත් නියෝග දෙකක් ලබා දුන්නේය:
අදාළ අහිංසක තරුණයාට (චාමරට) රුපියල් ලක්ෂ දෙකක (200,000) වන්දියක් ගෙවන ලෙස ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනාට සහ පොලිස් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
වඩාත්ම වැදගත් කාරණය ලෙස, “මෙහෙම අහිංසක මිනිස්සුන්ට බොරු නඩු දාන්න එපා කියලා ලංකාවේ හැම පොලිස්කාරයෙක්ටම දැනගන්න විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරන්න” යැයි පොලිස්පතිවරයාට නියෝග කළ අතර, ඒ සඳහා මාස 5ක පමණ කාලයක්ද ලබා දුන්නේය.
4. පොලිස්පතිවරයා කළ ලොකුම අවුල
මාස 5ක කාලයක් ලැබී තිබුණද, නියමිත දිනට අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද නිල චක්‍රලේඛයක් නොවේ!
ඒ වෙනුවට ඉදිරිපත් කර තිබුණේ බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා (DIG) විසින් ඔක්තෝබර් 19 වැනිදා සකස් කරන ලද සාමාන්‍ය මාර්ගෝපදේශ මාලාවකි.
සරලව කිවහොත්, ලොකු බොස්ට අධිකරණයෙන් දුන් නියෝගය පොඩි බොස් කෙනෙක් ලවා කරවා, උසාවිය අන්දවන්න (රැවටීමට) උත්සාහ කර ඇත.
5. දැන් උසාවියේදී සිදුවී ඇත්තේ කුමක්ද?
මෙම කපටි ක්‍රියාවත් සමඟම මහේස්ත්‍රාත්වරයා දැඩි ලෙස උරණ වී ඇත.
“මේක උසාවිය හෑල්ලුවට ලක් කිරීමක් සහ උසාවිය ඇන්දවීමක්. පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කරලා තියෙනවා” යනුවෙන් දැඩි තීන්දුවක් ලබා දුන්නේය.
අනතුරුව, අදාළ ලිපිගොනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කරමින් පොලිස්පතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පවරන ලෙස දන්වා යවා ඇත.
ඒ පමණක් නොව, චාමරට එරෙහිව පවරා තිබූ අර බොරු නඩු දෙකේ ලිපිගොනු (1743 සහ 1744) ද වැඩිදුර ක්‍රියාමාර්ග සඳහා අභියාචනාධිකරණයටම යවා තිබේ.
6. ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ ඇත්ත තත්ත්වය: අටුවෙත් බැටුවෙත් එකම සෙල්ලමද ?
රටේ ජනාධිපතිවරයා නිතරම වේදිකා මත කියන්නේ “නීතිය ඉදිරියේ සියල්ලන්ම සමානයි” කියාය. නමුත් පොලිසියේ ඉහළම පුටුව වන පොලිස්පතිවරයා පවා අධිකරණ නියෝග තඹ දොයිතුවකට මායිම් නොකර, උසාවිය පවා ඇන්දවීමට තැත් කිරීමෙන් පැහැදිලි වන්නේ කුමක්ද?
නීතියට හිස නැමීම කෙසේ වෙතත්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව නඩු පැවරීමට සිදු වූයේද ස්වාධීන අධිකරණයේ බුද්ධිමත් මැදිහත්වීම නිසාමය.
අනුර කුමාර ජනපතිලාම පැවසූ පෙර පැවති පාලනයන් විසින් නිර්මාණය කරන ලදැයි කියන අත්තනෝමතික, දූෂිත ‘අපරාධ රාජ්‍යයේ’ නීති විරෝධී භාවිතයන් සහ පොලිස් බලපෑම් අදටත් ඔවුන්ගේ පාලනයේද මේ ආකාරයෙන්ම පවතින්නේ නම්, “නීතිය ඉදිරියේ සියල්ලෝම සමානයි” කියනා ජනාධිපතිවරයාගේ කතා මහා විහිළුවක් බවට පත් වන්නේමය ? ජනතාව වෙනසක් බලාපොරොත්තු වූයේ මෙවැනි පැරණි ක්‍රමවේදයන් එලෙසම පැවැතීමට නොවේ.
සාරාංශය එක පේළියකින්:
පොලීසියෙන් අහිංසකයන්ට බොරු කේස් දාලා අහුවෙලා, උසාවියෙන් “හැමෝටම දැනගන්න චක්‍රලේඛයක් දාන්න” කිව්වම ඒක නොදා බොරු සෙල්ලම් දාලා, දැන් අවසානයේ පොලීසියේ ලොකුම බොස්ම උසාවිය හමුවේම නීතියේ හිරවී සිටී.
එනිසාම පුරෝගාමියා අසන්නේ ?
පොලීසිය වල් වැදී නම් අපි කාට කියමුද ඒ අමාරුව ?




Be the first to comment