
බෞද්ධයන් ගැන වැරදි මත හදන්න එන්න එපා
අපි නීතියට ගරු කරනවා – ඒත් අපිට යන්න තැනක් නෑ
ජනතාවගෙන් ඉහළ ප්රතිචාර
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ විහාරමහාදේවී උද්යානයේ මහා සංඝරත්නය පවත්වන අඛණ්ඩ සත්යග්රහ භූමියට, බුදුදහම සහ මහා සංඝරත්නය පිළිබඳ සමාජය තුළ වැරදි මත වැපිරීමට උත්සාහ කරන කඩාකප්පල්කාරී පුද්ගලයන් පිරිසක් පැමිණීම හේතුවෙන් ඊයේ රාත්රියේ එහි දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
යූටියුබ් මාධ්ය ජාල ඔස්සේ “විහාරමහා දේවි පාර්ක් එක ළඟ ලාල් දාගත්ත වලිය” යනුවෙන් ප්රසිද්ධ වී ඇති වීඩියෝ දර්ශනවලින් අනාවරණය වන්නේ, සත්යග්රහ භූමියේ රැඳී සිටින භික්ෂූන් වහන්සේලා සහ එහි පැමිණි බාහිර පුද්ගලයෙකු (ලාල් නමැති මාධ්ය හසුරුවන්නා ) අතර ඇති වූ මෙම බහින්බස්වීමයි
“බෞද්ධයන් ගැන වැරදි මත හදන්න එන්න එපා”
එහිදී අදහස් දැක්වූ භික්ෂූන් වහන්සේ නමක් අවධාරණය කළේ කිසිදු අවසරයකින් තොරව සත්යග්රහ භූමියට කඩා වැදී බෞද්ධ සමාජය පිළිබඳ වැරදි මත සමාජගත කිරීමට මෙම පිරිස් උත්සාහ කරන බවයි. ජර්මනියේ වෛද්ය විද්යාව හදාරන බව පවසන මහාචාර්යවරයෙකු යැයි කියාගන්නා වෙනත් නන්නාඳුනන පුද්ගලයන්ද මෙම ස්ථානයට කැඳවමින්, සංඝරත්නය මෙහෙයවන පූජනීය සත්යග්රහ ව්යාපාරය කඩාකප්පල් කිරීමට මොවුන් උත්සාහ කරන බවට උන්වහන්සේලා සෘජුවම චෝදනා කළහ
“අපි නීතියට ගරු කරනවා – ඒත් අපිට යන්න තැනක් නෑ”
කුරුඳුවත්ත පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දන්වමින් අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති පසුබිමක භික්ෂූන් වහන්සේලා ප්රකාශ කළේ තමන් රටේ අධිකරණයට සහ නීතියට උපරිමයෙන් ගරු කරන බවයි
“අපේ ස්වාමීන් වහන්සේ නමක් සිරගත කරලා, උන්වහන්සේගේ චීවරය පවා ඉවත් කරලා තියෙන්නේ. අපිට කහ වතුර ටිකක් බීලවත් පන්සලකට වෙලා ඉන්න පරිසරයක් අද රටේ නෑ. ඒ නිසයි අපි මහ පාරේ නිදි මරාගෙන මේ අහිංසක පාගමන ආවේ. අපි පොලීසිය එක්ක ගැටෙන්නවත්, නැති ප්රශ්න ඇති කරන්නවත් ආපු අය නෙමෙයි.
ජනතාවගෙන් ඉහළ ප්රතිචාර
මෙම සත්යග්රහය සඳහා කිසිවෙකු බලහත්කාරයෙන් කැඳවා නොමැති බවත්, සබුද්ධික මහජනතාව ස්වේච්ඡාවෙන්ම පැමිණ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් දානමාන, ආහාර පාන සහ පැන් සපයමින් ඉහළ සහයෝගයක් දක්වන බවත් උන්වහන්සේලා වැඩිදුරටත් සඳහන් කළහ පොලිස් බලපෑම් සහ බාහිර කඩාකප්පල්කාරී ක්රියා මධ්යයේ වුවද, ඥානසාර හිමියන්ගේ නිදහස වෙනුවෙන් ඇරඹි සත්යග්රහය අඛණ්ඩව ඉදිරියටම රැගෙන යන බව මහා සංඝරත්නය අවධාරණය කර සිටිති
මේ උපුටා දක්වනා වූ එම වීඩියෝවයි …..




Be the first to comment