
මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ හිටපු සභාපති තිසර මෙන්ඩිස් මහතා එසේ පැවසූයේ පුරෝගාමියා හා සාකච්ඡාවකට එක්වෙමිනි .
එම සාකච්ඡාවට මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ හිටපු අධ්යක්ෂක වරයෙකු වූ රංජන් ඩිමෙල් මහතාද එක්විය .
තිසර මෙන්ඩිස් මහතා කල ප්රකාශයෙන් තමන්ද පෙර සිටි අධ්යක්ෂක මණ්ඩලයද මොරටුව විවිධසේවා සමූපකාරය දියුණු වනු දැකීමට දැඩි කැමැත්තකින් පසුවන අය වන නිසාම මෙදා නව අධ්යක්ෂක මණ්ඩලය්ක පත්කර සිදු කරුන ලබනා පාලනයෙන් පෙර සිටි අය කිසිදු වැඩකට නැති තත්වයේ ප්රකාශ කිරීම සැබෑ කණගාටුවක් බවද පවසයි .
තමා හා පෙර සිටි අධ්යක්ෂ මණ්ඩලය මොරටුව විවිධ සේවා සමූපකාර සමිතිය දියුණුව කරා ගෙන ඒමට මූථික අඩිතාලම සකස් කරමින් ක්රියාකල අන්දම ද පැහැදිලි කල අතර එසේ කරමින් නොයෙක් බාධා හමුවේ මාස දහඅටක් කල පාලනයේ ඔවුන් කිසිදු දූෂණ ක්රියාවක නොයෙදුණු බවද පැහැදිලි කරමින් පෙර පැනවූ නඩුව පවා ඉදිරියේදී යලිත් සක්රිය කරමින් සිදුකල අසාධාරණයට සධාරණත්වය අධිකරණය තුලින් බලාපොරොත්තුවන බවද පැවසීය
පුරෝගාමියා හා සාකච්ඡාවට එක්වූ මොරටුව විවිධසේවා සමූපකාර සමිතියේ හිටපු අධ්යක්ෂක වරයෙකු වූ රංජන් ඩිමෙල් මහතාද මෙදා නව පාලනයකින් සිදු කරන්නේ තම අධ්යක්ෂක මණ්ඩලයෙන් දියත් කරන්නට සිටි ව්යාපෘති බව ද දින දාතම සහිතව පෙන්වා දෙමින් එනිසා මෙසේ අසත්යය සමාජගත කිරීම නව පාලනය විසින් සිදු නොකල යුතු බවද පැවසීය
මේ හිටපු සභාපති තිසර මෙන්ඩිස් මහතා හා හිටපු අධ්යක්ෂක රංජන් ඩිමෙල් මහතා පුරෝගාමියා වෙත කල ප්රකාශයයි …..




Be the first to comment