එකින් එක කියවමින් සභාවේ කාලේ කන්න එපා  ? අපි අසන්නේ අපේ දේ නෙමෙයි ජනතාව වෙනුවෙන් ? ඇසිය යුතු දේ ? පක්ෂද විපක්ෂද කියන්න ? ඒ ඇති !

මෙසේ වූ ප්‍රකාශයන් නැගුනේ මොරටුව මහා නගර සභාවේ රැස්වීම් වාරයේ දී මොමනස මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් මුදල් වෙන් කිරීමක් පිළිබඳව ඔහු සතු ලිපි ලේඛන ඉදිරිපත් කරමින් මුලසුබ හෙබවූ මොමනස නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා වෙතින් දිගින් දිගටම ප්‍රශ්ණ කිරීමේදීය .

මොමනස මහා සභා වාරයන් හි පුරෝගාමියා මහජන ගැලරියේ සිට නැරඹු ( පුරෝගාමියා ලිඛිතව ඉල්ලුම් කලද ඒ සදහා තුන් මසක් ගතවීත් තවමත් අවසර හෝ කිසිදු පිලිතුරක් වගකිවයුත්තන් විසින් ලබා නොදුන් නිසා ) සියලු සභා වාරයන්හි මන්ත්‍රී සුජිත් පුෂ්පකුමාර මහතා විසින් මෙසේම සියලු අවස්තාවන්හිදී දිගින් දිගට ප්‍රශ්ණ කිරීමේදී මෙම කාලය පිළිබඳව තම පැහැදිලි කිරීම සිදුකල නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා මෙසේම කල ප්‍රකාශයන් මගින් පෙන්වා දෙනු ලැබූයේ මෙසේ දිගින් දිගට විස්තර කියවමින් ප්‍රශ්ණ කිරීමෙන් සුජිත් පුෂ්පකුමාර මන්ත්‍රී වරයා විසින් සභාවේ කාලය කා දමනා බවකි .

නමුදු ඊට පිලිතුරු ලෙසින් මේ අසන්නේ තම පෞද්ගලික දේ නොව මොරටුව ජනතාව ඔහු වෙතිනි විමසනා ප්‍රශ්ණ යැයිද එයට බාධා කිරීම නොකල යුතු යැයිද පැවසීම නිසා සභාව මහත් උණුසුම් තත්වයකට පත්විණි . ඔහු විසින් එසේ ප්‍රශ්ණ කල නොහැකි නම් මෙම වාර්තා තමන් වෙත යොමු නොකරමින් මෙම මහා සභාව නොපවත්වා සිටින්නැයි ප්‍රකාශ කලේය .

මේ නිසාම කමිටු වලදී ප්‍රශ්ණ කල යුතු තරම් දේ මහා සභාවේදී ප්‍රශ්ණ නොකල යුතු යැයිද මෙහිදී අවශ්‍ය පක්ෂද විපක්ෂද ප්‍රකාශය පමනක් යැයිද මුලසුබ හෙබවූ මොමනස නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ප්‍රකාශ කරනු ලැබීය ….

මෙසේ පුරෝගාමියා එම අවස්ථාවන් හි වීඩියෝ නගර සභා ශ්‍රව්‍ය දෘෂ්‍ය උද්දෘතයෙන් පල කරුනු ලබන්නේ එම මන්ත්‍රීවරැන් විසින් පුරෝගාමියා වෙත එම වීඩියෝ ය …

එම කරුණ පිළිබඳව මහා සභා වාරයේ සිදුවූ සිදුවීම මෙසේය …..

Be the first to comment

Leave a Reply