
මොරටුව මහා නගර සභාවේ සර්වජන බලය පක්ෂයේ මන්ත්රීවරයෙකු වන සුරේෂ් ප්රේමකුමාර මහතා ඔහු විසින් මොමනසට යෝජනා කරන ලද අඟුලාන පොදු සුසාන භූමිය සංවර්ධනය කිරීමේ යෝජනාව ඉදිරිපත් කොට දැන් වසරකටත් වඩා වැඩි කාලයක් ඉක්ම ගොස් ඇතත් එම යෝජනාවෙන් තමන් ඉල්ලා සිටි කිසිදු කරුණක් මෙතෙක් ඉටු නොකල බව පුරෝගාමියාට පැවසීය .
මෙම අඟුලාන පොදු සුසාන භූමිය අයත් කොට්ඨාශයෙන් මාලිමා මන්ත්රීවරුන් දෙදෙනකු හා මන්ත්රීවරියකද පත්වී ඇතත් ඔවුන් ඇස හැර නොබලනා දුප්පත් මිනිසුන් බහුතරයකට උරුම මෙම සුසාන භූමිය එම යෝජනාව අනුව සංවර්ධනය නොකරන්නේ තමා විසින් එම යෝජනාව ඉදිරිපත් කල නිසාදෝ යන සැකයද මෙහිදී පල කලේය .
අඩුම තරමේ මෙය ශුද්ධ පවිත්ර කිරීමට පවා මොමනසින් සේවකයකු පවා නොයොදවන්නේ යැයි චෝදනා කරනා මන්ත්රී සුරේෂ් ප්රේමකුමාර මහතා අඩුම තරමේ මෙම සුසාන භූමියට රාවතාවත්ත සුසාන භූමියෙන් ගලවා ඉවත් කරන ලද ගේට්ටුව හෝ සවිකර දෙන්නැයි ඉල්ලා සිටියද එයද ඉටු නොකල බව ත් පවසයි .
මෙම ප්රදේශයේ ජනතාව දහසක් බලාපොරොත්තු ඇතිව මාලිමා රජයක් බිහිකළද අද රජයට වසර දෙකක් පමණද මොරුටුව මහා නගර සභාවට මාස 14 ක් පමණද ගතවී ඇතත් මෙ කාලයතුල සිදුවූ දේ තුලින් ඔවුන් කියූ කිසිවක් ඉටු නොකරන බව ජනතාව හොදින් වටහාගෙන ඇතැයිද පැවසීය
ඒ මහතා පුරෝගාමියා කැටුව ගොස් එම සුසාන භූමියට අත්ව ඇති ඉරණම පෙන්වා දෙමින් එහිදීද ඉන් පසුවද කල ප්රකාශය මෙසේය .




Be the first to comment