බෝල පාස් ඉංජිනේරුවන්ට නගරාධිපතිගෙන් දොස් ? නගර සභාවේ උඩක නග්ගන්න කෙනෙක් නැහැලු ? නිලධාරී මේ බාල්දු කරන්නේ සභාවයි ?

මොරටුව මහා නගර සභාවේ ඇතැම් නිලධාරීන්ගේ උදාසීන කම් නිසා මොරටුව ජනතාව බැන වදින්නේ හේතු නොදන්නා නිසාම එම නිලධාරීන්ට නොවේ .
විපක්ෂය කෙසේ වෙතත් පාලක පක්ෂයේ දේශපාලනාධිකාරයේ නගරාධිපතිගේ සිට පිලිවෙලටය .
මේ වැනි වූ පැහැදිලි වීමකි ඊයෙ දිනදී පැවති මොරටුව මහා නගර සභා රැස්වීමේදී සිදුවිය .
එනම් විපක්ෂ මන්ත්‍රීවරයෙකු වූ සජිත් දුමින්ද පීරිස් මහතා පෙර සභාවකදී යෝජනා කල පොදු වැඩක් ජනතාාවට අනතුරක් වන්නට පෙර සකස් කරනා මෙන් කල ඉල්ලීමක් මාසයකට ආසන්න කාලයකදීත් ඉටු නොකොට තිබීම පිළිබඳව යලි විමසූ අවස්ථාවේ මෙම නිලධාරින්ගේ බෝල පාස් කරමින් තම උදාසීන කම පෙන්වමින් හේතු දැක්වීම පැහැදිලි විය .
මෙම අවස්ථාවන් වීඩියෝගත කිරීමට අවස්ථාවක් නොමැති නිසා එම පැහැදිලි කිරීම උදෙසා මන්ත්‍රීවරයෙුක වෙතින් ලද ඕඩියෝවක් මෙසේ ගෙනහැර දක්වන්නෙමු …
මෙහිදී මෙම තත්වය වෙන කිසිවෙක්ව නොව සභාව බාල්දු කරන්නක් බව මොමනස මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතාද පැවසූ අතර ….
නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා පුරෝගාමියා ඒ මහතා පිළිබඳව දැක තොරතුරු විමසා වුවද අසන්නට ලැබූ කරුණු අනුව කිසිදු සිුදවීමක් නිසා කෝප නොගන්නා වසර ගණනාවක අත්දැකීම් ඇති මොරටුවේ කෘතහස්ත දේශපාලනඥයෙකු වන නිසාමදො මෙවන්ව ඉතා සුලු කරුණක් වුව ඉටු කරන්නට එම වගකිවයුතු නිලධාරීන් ක්‍රියා නොකරනා බව පසක් විය .
එනිසාමදෝ කෝප වූ බවක් නොපෙනුනද වත්මන් නගරාධිපතිවරයා මේ පිළිබඳව ඒ වගකිවයුතු ඉංජිනේරු අංශය පමණක් නොව වත්මන් කොමසාරස්වරිය වෙත පවා මෙසේ නොවිය යුතු බවත් මෙම නගර සභාව යනු සංයුතියකින් යුතු පාලනයක් පාලනයේ පහසුව නිසා බෙදා වෙන්කොට කොටස් කර ඇති බවත් පවසමින් තමාට වුවද කල හැකි කාරියක් නිලදාරීන් ඒ මේ අත ඇගිලි දික් කරමින් සිටීම පිළිබඳව තම අකමැත්ත ප්‍රකාශ කලේය .
සැබවින්ම පුරෝගාමියාට මෙම සිදුවීම ඉතා වටිනා දෙයක් බව පෙනේනනේ ම දේශනා කල යුතු තැන සේම පහර දියයුතු තැනද අත් නොහැර මොරටුව ජනතාවට සේවය සදහා භාවිතා කල යුතු බවට මෙය තවත් එක් උදාහරණයක්ම වන නිසාය .
මේ පිළිබඳව පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරුන් ද අදහස් දැක්වූ අතර එහි ප්‍රධාන වූ මොමනස මන්ත්‍රී සජිත් දුමින්ද පීරිස් මහතා ගේ ද සුරේෂ් ඉන්දික මහතාගේද මොරටුව නගරාධිපති කේ ඩී නිශාන්ත ප්‍රදිනාන්දු මහතා ගේද එම අවස්ථාවේ වූ කතාවන් හි හඬ කොටසයි මේ ….

Be the first to comment

Leave a Reply