මොරටුවේ මඩුවක් කරොත් නඩුවක් වැටෙන තැනකට යන නීතියක් ? ප්‍රියනාත් මෙන්ඩිස් මොමනස මන්ත්‍රී පහදයි ! ( වීඩියෝව )

මොරටුව කඩලානේ ගල්පිටහබඩ පාරේ බදුවත්තේ ඉඩමක වඩුමඩුවක් පවත්වාගෙන යන තරුණ යුවලක් වෙත අද තම වඩු මඩුව පවත්වාගෙන යාම සදහා මොරටුව මහ නගරසභාවටද එක් නිවසක පැමිණිලි නිසා පොලීසිය වෙතද යාමට සිදුව තිබීම සැබවින්ම කණගාටුදායක තත්වයකි .

මෙම තරුණ යුවල වසරක පමණ කාලයක් ඔවුන්ගේ නිවසට මදක් දුරින් ඇති නිවැසියනගේ පැමිණිල්ලක් නිසා මෙසේ අපහසුතාවයට පත්වී සිටිති .

නමුදු මෙහි තවත් බොහෝ වඩුමඩු වෙතත් ඒවාට නැති පැමිණීලි මෙම තරුණ යුවලගේ වඩු මඩුවට පමණක් වීම මහත් පුදුමයක් සේම දැඩි අසාධාරණයක් වී තිබෙයි .

මේ පිළිබඳව ලද තොරතුරු මත එහි ගිය පුරෝගාමියාට දැක ගැනීමට ලැබුණේ ඔවුන්ගේ වඩු මඩුවටත් වඩා මේ කියනා දූෂණයන් සිදුවන තවත් වඩු මඩු එම මායිමේම පිහිටා ඇති බවකි . ඔවුන්ගේ මඩුවේ පොලිෂ්කිරීම් කටයුතු සිදු නොවනා අතර එැවනි ස්ථානයක් ඔවුන්ගේ අල්ලපු බිත්තියේම වෙතත් ඊට පෙර කී අයගෙන් කිසිදු පැමිණීල්ලක් නැති බව පැවසෙයි .

අප මේබව පවසන්නේ උදාහරණ කොට මිස ඔවුන්ගේ ද ජීවනෝපාය පිණීස එසේ සිදු කරනා බව නොදැන නොවේ

පොලීසියේ මැදිහත් වීම පැමිණීල්ලක් ලද විට  නීතිය ඉටු කිරීම අනුව සාමාන්‍ය වුවත් මොරටුව පාරම්පරිකව ද මෙදාද වඩුකාර්මික නගරයක් බව සම්මුතියෙන් පිළීගත් බව දන්නා කිසිවෙකුත් රටේ ෙමෙම නීති අනුව ක්‍රියාත්මක වීමට ගියහොත් මොරටුවේ 99% කටත් වඩා  වන වඩු කර්මාන්තය ආශ්‍රිත සියලු ජීවනෝපායන් නවත්වා දැමීමට සිදුවන බව ඉතාම පැහැදිලිය

පොලීසියට පැමිණීල්ලක් ලදොත් ඊට නීතිය ක්‍රියාත්මක කිරීම යුතුම බව පුරෝගාමියා පිලිගන්නා නමුත් මොරටුව වැනි වඩුවන්ගේ උපන් බිමෙහි මේ වැනිව නැති ප්‍රශ්ණයක් වඩුමඩු පිළිබඳව ඇති වීමට ඉඩ නොදෙන්නැයි අප මෙසේ ඉල්ලා සිටින්නේ මේ වැනිව පෝලිමේ ගොස් පොලීසියට පැමිණිලි කොට වඩුමඩු 6 යි 6 කාලයට පමණක් සීමා කිරීම කිසිසේත් ප්‍රායෝගික නොවනා වඩුවන් කැළඹීමට පත්කරනා ක්‍රියාවක් විය හැකි නිසාය .

පුරෝගාමිත්වයේ නගරයේ වඩුවන් සියලු දුක්ඛදොමනස්සයන් ඉවසා විද දරා සිටී යැයි කිසිවකු නොසිතිය යුත්තේම මේ පුරෝගාමිත්වය ඔවුන්ට ලැබුණේම පුරන් අප්පු විරුවාගෙන්ම වන නිසාය .

මේ නිසාම මෙම තරුණ යුවලගේ ජීවනෝපායට සිදුවන බාධා පිළිබඳව දැනුවත්දැයි සොයා බැලීමට පුරෝගාමියා එම කොට්ඨාශයේ මන්ත්‍රීවරයා වන ප්‍රියනාත් මෙන්ඩිස් මහතා හමුවූ අතර ඔහු මන්ත්‍රී ධූරය මෙවර ලබා ඉතා කෙටි කාලයක් වුවද පුරෝගාමියාටත් පෙරම ඔහු මේ පිළීබඳව මොමනස ද දැනුවත් කොට ඉන් විසදුමක් නොලැබේය යන සැකයෙන් මේ වන විට  මේ බාධා ඉවත් කරන්නැයි ඉල්ලා සිටිමින් මෙවර මොමනස මහා සභාවට යෝජනාවක්ද ඉදිරිපත් කල බව පවසයි .

වත්මන් නගරාධිපතිතුමාද තමාද වඩුවන් යැයි පවසන ප්‍රියනාත් මෙන්ඩිස් මන්ත්‍රීවරයා වඩු මඩු හා මෝල් උදාහරණ කොට දක්වමින් කල ප්‍රකාශය හා එම තරුණ යුවල තමන්ගේ අපහසුතාවයන් පුරෝගාමියා වෙත ප්‍රකාශ කලේ මෙසේය .

Be the first to comment

Leave a Reply