අධිකරණ ස්වාධීනත්වය රැකීමට විපක්ෂය එකම මේසයකට: විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් !

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ විශේෂ හමුවක් පවත්වා තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටීම විශේෂත්වයකි.

එමෙන්ම සර්ව ජන බලයේ නායක දිලිත් ජයවීර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයින් රැසක් මෙම හමුවට එක්ව සිටි බව වාර්තා වේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීමට අදාළ රජයේ යෝජනාව සම්බන්ධයෙන් විපක්ෂයේ පොදු ස්ථාවරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

රනිල්–සජිත් හමුවත් සමඟ විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් කිහිපයක් එකම සාකච්ඡා මේසයකට පැමිණීම දේශපාලන ක්ෂේත්‍රයේ විශේෂ අවධානයට ලක්ව ඇති අතර, ඉදිරියේදී රජයේ යෝජනාවට එරෙහිව විපක්ෂය ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යොමුවේද යන්න පිළිබඳවද දේශපාලන අවධානය යොමුව තිබේ.

 

Opposition Gathers at One Table to Protect Judicial Independence: Special Meeting at the Opposition Leader’s Office

A special meeting of the main political leaders of the opposition was held to discuss the government’s proposed resolution regarding the extension of the retirement age of Supreme Court judges.

A notable feature of this discussion, held under the leadership of Opposition Leader Sajith Premadasa, was the participation of former President Ranil Wickremesinghe. Additionally, reports indicate that several key opposition political leaders—including Dilith Jayaweera, leader of the Sarana Jana Bala, and Namal Rajapaksa of the Sri Lanka Podujana Peramuna—joined this meeting.

The opposition’s common stance regarding the government’s proposal to amend the retirement age of Supreme Court judges was discussed at length during the meeting.

With the Ranil-Sajith meeting bringing several major opposition political groups to the same discussion table, it has drawn special attention in the political sphere. Consequently, political focus is now directed toward whether the opposition will take joint action against the government’s proposal in the future.

Be the first to comment

Leave a Reply