ඥානසාර හිමි ගේ පෙර සිර දඬුවම මහාධිකරණයද ස්ථිර කරයි

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලිසිය විසින් එම හිමියන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබූණා.

නඩු විභාගයකින් අනතුරුව එම චෝදනාවට වැරදිකරු කළ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාස 9 ක සිර දඬුවමක් හා දඩ මුදලක් ද නියම කර තිබුණා.

එම සිර දඬුවමින් තමන් වහන්සේව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද (23) තහවුරු කරනු ලැබ තිබෙයි.

Be the first to comment

Leave a Reply