“වැට් බද්ද ඇතුළු වක්‍ර බදු නිසා ජනතාව තවමත් දැඩි පීඩනයක – නිසි ආර්ථික සැලැස්මක් රජයට නෑ”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

“වැට් බද්ද ඇතුළු වක්‍ර බදු නිසා ජනතාව තවමත් දැඩි පීඩනයක – නිසි ආර්ථික සැලැස්මක් රජයට නෑ”

“වත්මන් රජයේ ආර්ථික සහ බදු ප්‍රතිපත්ති නිසා රටේ සාමාන්‍ය ජනතාව මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් තවමත් දැඩි පීඩනයකට ලක්ව සිටිනවා. වැට් (VAT) බද්ද ඇතුළු වක්‍ර බදු වහාම ලිහිල් කර ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කළ යුතුයි.

2026 වසරේ රාජ්‍ය ආදායම් බිඳවැටීම් සහ පුරෝකථන පහත වැටීම් පිළිබඳව ආණ්ඩුව කරන ප්‍රකාශවලින් පැහැදිලි වන්නේ ඔවුන්ට රට ඉදිරියට ගෙන යාම සඳහා කිසිදු නිසි ආර්ථික කළමනාකරණ සැලැස්මක් නොමැති බවයි. ජනතාව දිගින් දිගටම බදු බරින් මිරිකීම වෙනුවට, දේශීය නිෂ්පාදන ආර්ථිකයක් ශක්තිමත් කරමින් පොදු ජනතාවට සැබෑ සහන සලසන විකල්ප ආර්ථික වැඩපිළිවෙළක් රටට කඩිනමින් අවශ්‍යව තිබෙනවා.”

(ජූනි 24, විපක්ෂ නායක කාර්යාලය – කොළඹ)

Be the first to comment

Leave a Reply