මේ නගරාධිපතිවරයාට වැඩ කරන්න උවමනාව තිබ්බත් මේ දූෂිත නිලධාරීන් කරන්න දෙන්නේ නැහැ ? මොමනස මන්ත්‍රී ඔසඳ අබේකෝන්

දශක දෙකකට වැඩි කාලයක් මොරටුව මහා නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ  එල්.ඔසඳ හර්ෂණ අබේකෝන් මහතා පුරෝගාමියා හා එක්වෙමින් අසන ලද ප්‍රශ්ණ වලට සිනහවෙන් පිළීතුරු දුන්නද සැබවින්ම පුරෝගාමියා ඔහුගෙන් පළමුවම විමසනු ලැබුවේ මෙදාද මොරටුව ජනතාව තුලත් ඇතමුන් විසින් ගොඩනගා ඇති ප්‍රශ්ණයකි ?

එනම් ඔසඳ හර්ෂණ අබේකෝන් මන්ත්‍රීවරයා හා තවත් එක් මන්ත්‍රී වරයෙක් පෙර පාලනයෙ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ගේ අග්‍ර පුරෝහිතයන් සේ වෙමින් එදවස සෞඛ්‍ය අංශයෙ වගකිව යුත්තන්ව මොරටුව මහා නගර සභාවෙන් බොහෝ මුදල් හරිහම්බ කරගත් බවය .

පුරෝගාමියා එම ප්‍රශ්ණය මතුකල විට උදාහරණ සමගින් එම ප්‍රශ්ණයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා එදවස සමන්ලාල් ට ලක්ෂ තුනහාමාරක් දී තමන්ද ලක්ෂයක් ලබාගෙන එදා වැඩ කලානම් අද ඒ මුදල ඉතිරිවිය යුතු නමුත් වත්මන් පාලනයේදී මුලින්ම මෙසේ නගර සබාවේ කුණු කසල තෝරා විකිණිමෙන් ලැබෙනා ආදායම රුපියල් තිස්දහස හතලිස් දහස වූයේ කෙසේද යන්න ප්‍රශ්ණ කලේය .

පෙර තමන් විසින් නගර සභාවට හිමිකර දුන් මුදල ලක්ෂ දොලහක් පමණ වූ අතර දැනටද වත්මන් පාලනය යටතේ එම මුදල හා සමාන මුදලක් පමණක් ලැබීම විය නොහැකි කරුණක් යයිද දැන් වසරගණනාවක් ගතව ඇති නිසා එම මුදල එසේනම් ලක්ෂ විස්සක් තිහක් විය යුතු බවද පෙන්වා දුන්නේය .

මෙයද කාන්චන ඇමතිට තෙල් වලින් මුදලක් යනවා යැයි කී කතාව මෙන්ම බවද ඔහු වැඩිදුරටත් පැවසීය .

මෙහිදී නගර සභා නිලධාරීන් ගේ දූෂත භාවයන් පෙන්වා දුන් මන්ත්‍රීවරයා නිශාන්ත ප්‍රදිනාන්දු නගරාධිපතිවරයා ට මොරටුවට වැඩ කිරීමේ උනන්දුව ඇති නමුත් ඔවුන්ගේ ම මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකු හැර අන් අයගෙන් හෝ විශේෂයෙන් නගර සභාවේ වගකිවයුතු නිළධාරින් බහුතරයකගේ සහයෝගයක් ඔහුටද නොලැබෙන බවද පැහැදිලි යැයි ද පැවසීය

ඔසඳ හර්ෂණ අබේකෝන් මන්ත්‍රීවරයා හා පුරෝගාමියා සිදුකල සම්මුඛ සාකච්ඡාව මෙසේය ….

Be the first to comment

Leave a Reply