දැන් අවුරුදු දෙකක් ලු ? ඔබලා මොරටුව සංවර්ධනයට මොනවාද කරලා තියෙන්නේ ? මොමනස මන්ත්‍රී ලිහිණි ප්‍රනාන්දු මහත්මිය – කරපු ටික කියමු නොකරපු ටිකක් තියෙන බව පිළිගන්නවා ! නගරාධිපති කේ ඩී නිශාන්ත මහතා .

පාලනයට වසර දෙකක් යැයි සමාජ ජාලා තුල ප්‍රසිද්ධ වෙමින් තිබේ යැයිද නමුත් මොරටුවේ ඇතැම් ප්‍රශ්ණ එලෙසින්ම පවතින්නේ යැයිද පෙන්වා දෙමින් මොරටුව මහා නගර සභා මන්ත්‍රී ලිහිණි ප්‍රනාන්දු මහත්මිය ඒ පිළිබඳව උදාහරණ ගෙන දක්වමින් මෙතෙක් නගරාධිපතිතුමා මොරටුවේ සංවර්ධනයට මුදල් වෙන් කිරීමක් හෝ කිසියම් වැඩ පිළීවෙලක් ඉදිරිපත් කොට ඇත්තේදැයි පසුගිය මොමනස සභා වාරයේදී ප්‍රශ්ණ කලේය .

අතර මගදී ඊට පිලිතුරු දීමට අවස්ථාවක් සලසා ගත් මොරටුව මහා නගර සභාවේ නගරාධිපති කේ ඩී නිශාන්ත මහතා ඔබ කලබල වැඩී යැයි පවසමින් මෙම පෙත්සම් හා ආයිතම යටතේ කතා  කල යුත්තේ නිශ්චිත කරුණක් බව පැහැදිලි කල අතර මන්ත්‍රී ලිහිණි ප්‍රනාන්ුද මහත්මිය පැවසූයේ එතුමිය ප්‍රශ්ණ කරනු ලැබූයේ එසේම බවත් එය මොරටුව නගර සංවර්ධනයට අදාල බවටත් කරුණු පැහැදිලි කලේය .

එනිසාම ඒ පිළිබඳව පැහැදිලි කල ප්‍රතිපක්ෂ නායක සේනක දමයන්ත මහතා ද ලිහිණි ප්‍රනාන්දු මන්ත්‍රීවරිය එසේ කතා කලේ පෙර නගරාධිපති වරයා සියල්ලෝ කැඳවා පැහැදිලි කල වැඩ පිළීවෙල පිළීබඳව බවත්  එය බැහැර නොකල යුතු ඇගේ අයිතියක් බවත් පැවසීය

ඊට පිළිතුරු දුන් නගරාධිපතිවරයා එසේ බැහැර නොකරන බවත්  කරපු ටික කියමු නොකරපු ටිකක් තියෙන බව පිළිගන්නා බවත් පැවසීය …

එම ප්‍රකාශයන් හි ශ්‍රව්‍ය ගත කිරීම මෙසේය …..

( පුරෝගාමියා මහජන ගැලරියේ සිට වාර්ථා කරනු ලබයි )

 

Be the first to comment

Leave a Reply